339. "අපම්මුස්සනතා" වැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධම්මංඝනිය පිටු අංක 32 - 23න් වෙනි ඡේදය - රතුපාටින් කොටු කරපු වචනය නිවැරදිද?
වැරදි නම් එම වචනය "අසම්මුස්සනතා" යනුවෙන් නිවැරැදි විය යුතුද?


A / R. ‘ආරක්ඛපච්චුපට්ඨානා’, ‘අපම්මුස්සන’ ... ආදී පද ‘සතිය/සිහිය” සම්බන්ධයෙන් ම යෙදෙන බැවින් මෙය ‘සතිය/සිහිය විස්තර කිරීමට ම යෙදෙන (ඉ)පැරණි පාලියෙහි නිරවද්‍ය පර්යාය යෙදුමක් බව පෙනේ.

{‘‘සති ච පන සබ්‌බත්‌ථිකා වුත්‌තා භගවතා, කිං කාරණා? චිත්‌තඤ්‌හි සතිපටිසරණං, ආරක්‌ඛපච්‌චුපට්‌ඨානා ච සති, න විනා සතියා චිත්‌තස්‌ස පග්‌ගහනිග්‌ගහො හොතී’’}

කෙසේ වෙතත් අටුවාවේ ඇත්තේ නම් (මදක් වෙනස්) වෙනත් පදයකි - ‘අසම්‌මුසනතා
අටුවාවේ පමණක් ම නොවේ - https://tipitaka.app/?a=2a4-405-sihttps://tipitaka.app/?a=2b11-28-sihttps://tipitaka.app/?a=2d1-83-si

{අටුවාව = “තත්‌ථ කතමා සති? යා සති අනුස්‌සති පටිස්‌සති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්‌මුසනතා සති සතින්‌ද්‍රියං සතිබලං සම්‌මාසති – අයං වුච්‌චති සති.”}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll