934. ජාති ක්‍ෂේත්‍ර, ආඥා ක්‍ෂේත්‍ර, විෂය ක්ෂේත්‍ර යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදු රජණන්වහන්සේ ට අයත් වන සක්වල විෂයක් ක්ෂේත්‍ර 3 දන්නේ නම් සදහන් කරනු මැනවි.

A. “එකිස්සා ලොකධාතුයාති දස දහසක් ලෝක ධාතූන්ය. තීනි හි ඛෙත්තානීති ජාති ක්‍ෂේත්‍ර, ආඥා ක්‍ෂේත්‍ර, විෂය ක්ෂේත්‍ර යනුයි. එහි ජාති ක්ෂේත්‍රය නම් දස දහසක් ලෝක ධාතූන්මය. යමක් වනාහි බුදුරදුන් මව්කුස පිළිසිඳ ගන්නා වේලාවෙහි, බිහිවන වේලාවෙහි, බුදුවන වේලාවෙහි, දම්සක් පවත්වන වේලාවෙහි, ආයුසංස්කාරය හළ වේලාවෙහි පිරිනිවන්පාන වේලාවෙහි කම්පා වන්නේ එයය. කෝටි දස දහසක් සක්වළ ආඥා ක්‍ෂේත්‍රය නම් වේ. ආටානාටිය. මෝර පිරිත, ධජග්ග පිරිත, රතන පිරිත ආදීන්ගේ එහි අණ පැවැත්මය. විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රමාණයක් නැත. බුදුවරුන්ගේ ඤාණය යම් පමණක ද අවබෝධය ද එපමණය. අවබෝධය යම් පමණක ද ඤාණය ද එපමණය. ඤාණය කෙළවර කොට ඇති අවබෝධය ය. අවබෝධය කෙළවර කර ඇති ඤාණය යන වචනයෙන් අවිෂය වූවක් නම් නැත.

මේ ත්‍රිවිධ විෂය ක්ෂේත්‍රයන් හැර මේ සක්වළෙන් අන්‍ය වූ සක්වළක බුදුවරු උපදිත්ය යන කීමක් නැත. නූපදිත් යනුවෙන් ම ඇත. තීනිපිටකානීති විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යනුයි. තිස්සො සංගීතියොති මහකසුප් තෙරුන්ගේ සංගීතිය, යස තෙරුන්ගේ සංගීතිය, මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ සංගීතිය යන ත්‍රිවිධ සංගීතීන්ය. ආරූඪ වූ ත්‍රිපිටක බුද්ධ වචනයෙහි මේ සක්වළ හැර අන්තැනක බුදුවරු උපදිත්ය යැයි කීමක් නැත. නූපදිත්ය යනුවෙන් ම ඇත.”


"එකිස‍්සා ලොකධාතුයාති දසසහස‍්සිලොකධාතුයා. තීණි හි ඛෙත‍්තානි ජාතිඛෙත‍්තං ආණාඛෙත‍්තං විසයඛෙත‍්තං. තත්‍ථ ජාතිඛෙත‍්තං නාම දසසහස‍්සී ලොකධාතු. සා හි තථාගතස‍්ස මාතුකුච‍්ඡිඔක‍්කමනකාලෙ නික‍්ඛමනකාලෙ සම‍්බොධිකාලෙ ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ ආයුසඞ‍්ඛාරොස‍්සජ‍්ජනෙ පරිනිබ‍්බානෙ ච කම‍්පති. කොටිසතසහස‍්සචක‍්කවාළං පන ආණාඛෙත‍්තං නාම. ආටානාටියමොරපරිත‍්තධජග‍්ගපරිත‍්තරතනපරිත‍්තාදීනඤ‍්හි එත්‍ථ ආණා වත‍්තති. විසයඛෙත‍්තස‍්ස පන පරිමාණං නත්‍ථි. බුද‍්ධානඤ‍්හි “යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, ඤාණපරියන‍්තිකං නෙය්‍යං නෙය්‍යපරියන‍්තිකං ඤාණ”න‍්ති (පටි· ම· 3.5) වචනතො අවිසයො නාම නත්‍ථි.

ඉමෙසු පන තීසු ඛෙත‍්තෙසු ඨපෙත්‍වා ඉමං චක‍්කවාළං අඤ‍්ඤස‍්මිං චක‍්කවාළෙ බුද‍්ධා උප‍්පජ‍්ජන‍්තීති සුත‍්තං නත්‍ථි, න උප‍්පජ‍්ජන‍්තීති පන අත්‍ථි. තීණි පිටකානි විනයපිටකං සුත‍්තන‍්තපිටකං අභිධම‍්මපිටකං, තිස‍්සො සඞ‍්ගීතියො මහාකස‍්සපත්‍ථෙරස‍්ස සඞ‍්ගීති, යසත්‍ථෙරස‍්ස සඞ‍්ගීති, මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්ස සඞ‍්ගීතීති. ඉමා තිස‍්සො සඞ‍්ගීතියො ආරුළ‍්හෙ තෙපිටකෙ බුද‍්ධවචනෙ ඉමං චක‍්කවාළං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤත්‍ථ බුද‍්ධා උප‍්පජ‍්ජන‍්තීති සුත‍්තං නත්‍ථි, න උප‍්පජ‍්ජන‍්තීති පන අත්‍ථි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll