Q. “ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්" යනු කුමක් ද?
A. “ත්‍රිහේතුක” යනු හේතු තුනක් සහිත යන අරුතයි; හේතු තුන නම් අලෝභ-අදෝස-අමෝහ යි. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය = හේතු තුනක් සහිත උපත.
එබැවින්, ඔබ යම් (කුඩා වුවද) පිනක්-කුසලයක් සිතන/කියන/කරන වේලාවන්හි දී, (යමෙක් කරන නිසා හෝ ... “ඔහේ කරන්නං වාලේ, ඕනෑවට එපාවට නොකොට” සතුටින්ම ...) කර්ම-කර්මඵල අදහාගෙන ම කරන්න; එය ඉතාම වටිනා දෙයකි (වටිනාම දෙයයි).
මෙය පැහැදිළිව ම වටහා ගැනීමට අභිධර්මය මදක් දැන සිටීම උදව් වේ.
(සහේතුක කාමාවචර) මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරින් හා මහග්ගත විපාක නවය යන, කුසල් සිත් දහ තුනෙන් උපත ලද අය “ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය” ඇත්තෝය.