485. සක්කාය දිට්ඨි ප්‍රහාණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සක්කාය දිට්ඨිය ප්‍රහානය වන්නේ කුමක් දන්නා කුමක් දක්නා කෙනෙකු හටද?

A / R. “එහි කිසෙයින් සොතාපන්න වෙයි යත්: සත්‍යාවබොධය සමග ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයොජනයෝ ප්‍රහීණ වෙති. මේ තුන් සංයොජනයන්ගේ ප්‍රහාණයෙන් ක්ෂය වීමෙන් දුක් කෙළවර කිරීම දක්වා අවිනිපාත ස්වභාව වූ ආර්‍ය්‍යශ්‍රාවක වේ.

එහි සක්කායදිට්ඨි කවර යත් : අශ්‍රැතවත් බාල පුහුදුන් තෙමේ (යම්තාක්) ... ආර්‍ය්‍ය ධර්මයෙහි අදක්ෂ වේ ද, හේ රූපය ආත්ම විසින් දකී ... විඥානයෙහි ආත්මය ඇතැයි දකී. හේ මේ පඤ්ච ස්කන්ධයෙහි ආත්මග්‍රාහය ඇත්තේ හෝ ආත්මනියග්‍රාහය (ඇත්තේ) හෝ වෙයි. 'තෙලෙ මම් වෙමී' එක් (දෘෂ්ටියෙක) වශයෙහි පවත්නේ ප්‍රක්ෂිප්ත වූයේ ග්‍රාහ ඇත්තේ අනුශය වශයෙන් පවත්නේ අංගමංග ? යයි ගනී. එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ප්‍රෙක්ෂණයෙක් ආකාර පරිචිතර්කයෙක් දෘෂ්ටිය ගෙන සිතීමෙක් ප්‍රසන්න බවක් වේ ද, මේ සක්කාය දිට්ඨි යයි කියනු ලැබේ.

එහි දෘෂ්ටිහු පස්දෙනෙක් උච්ඡෙදය භාජනය කෙරෙති, කවර පස්දෙනෙක යත් : රූපය ආත්ම විසින් දකී, (යනු පටන්) විඥානය ආත්ම යයි (දෘෂ්ටිවශයෙන්) දකී යන මේ පස උච්ඡෙදය භජනය කෙරෙත්. සෙසු පසළොස් (ආත්ම) දෘෂ්ටීහු ශාශ්වතය භජනය කෙරෙත්. මෙසේ සත්කායදෘෂ්ටිය ප්‍රහාණයෙන් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ වෙති. ප්‍රහීණ වීමෙන් (ආර්‍ය්‍යශ්‍රාවක) උච්ඡෙදයත් ශාශ්වතයත් භජනය නො කෙරෙයි. මෙසේ උච්ඡෙද ශාශ්වතප්‍රහාණයෙන් ආර්‍ය්‍යශ්‍රාවකහට කිසි දෘෂ්ටිගතයෙක් නො වෙයි. මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතවත් වෙයි. සියලු ශුක්ලපක්ෂය විස්තර කළයුතු ... 'ආර්‍ය්‍යධර්මයෙහි නිපුණ වූයේ රූපය අනාත්ම වශයෙන් දකී, (යනු පටන්) විඥානය ... (අනාත්ම වශයෙන් දකී යනු දක්වා) මෙසේ දක්නා වූ ඔහුට සත්කායදෘෂ්ටි නො වේ.” >>>

https://thripitakaya.org/tipitakaya/Index/1033?s=23648
https://pitaka.lk/main?n=57150&p=68

https://pitaka.lk/main?n=541062
http://www.thripitakaya.org/tipitakaya/Index/680?s=22626

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll