314. සකසා දන් දෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සකසා දන් දෙනවා යනු කුමක්ද?

A / R. "ලබන්නාට සුවසේ, උසස් ලෙස හා ප්‍රණීතව පරිහරණය/පරිභෝජනය කළ හැකි පරිදි හා ගෞරවයෙන්, පිරිසිදුව, මැනවින් සකස් කොට, කර්ම ඵල අදහාගෙන දිය යුතු ය. “මෙය අපි අපට ම කරගන්නා ඉමහත් ලාභයකි; මෙහි විපාක වශයෙන් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වේ” සේ සිතමින් දන් දීම/සැකසීම “සකසා දන්දීම” කෙරෙහි ඇති අරතිය/අකමැත්ත/පසුබැස්ම වලක්වා ගත හැකි ක්‍රමයකි.

ගෞරවයෙන්, පිරිසිදුව, මැනවින් සකස් කොට, කර්ම ඵල අදහාගෙන දිමෙන් ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වේ; , ප්‍රණීත/උසස් දෑ (ආහාර පාන, ඇඳුම් පැළදුම්, යාන වාහන, ...) ආදිය පරිහරණයට සිත නැමේ. අඹු/සැමි, දරු/දැරි, සේවකාදීහු කීකරු වෙති. ...

නො එසේ නම්, එකී දාන කර්මයාගේ විපාක යම් යම් තැනක විපාක ලබා දේද, ප්‍රණීත/උසස් දෑ (ආහාර පාන, ඇඳුම් පැළදුම්, යාන වාහන, ...) ආදිය පරිහරණයට සිත නො නැමේ. අඹු/සැමි, දරු/දැරි, සේවකාදීහු අකීකරු වෙති."

{‘‘සක්‌කච්‌චං ඛො පන, භික්‌ඛවෙ, දානං දත්‌වා යත්‌ථ යත්‌ථ තස්‌ස දානස්‌ස විපාකො නිබ්‌බත්‌තති, අඩ්‌ඪො ච හොති මහද්‌ධනො මහාභොගො. යෙපිස්‌ස තෙ හොන්‌ති පුත්‌තාති වා දාරාති වා දාසාති වා පෙස්‌සාති වා කම්‌මකරාති [කම්‌මකාරාති (ක.)] වා, තෙපි සුස්‌සූසන්‌ති සොතං ඔදහන්‌ති අඤ්‌ඤා චිත්‌තං උපට්‌ඨපෙන්‌ති.”
‘‘ලූඛඤ්‌චෙපි, ගහපති, දානං දෙති පණීතං වා; තඤ්‌ච සක්‌කච්‌චං දෙති, චිත්‌තීකත්‌වා දෙති, සහත්‌ථා දෙති, අනපවිද්‌ධං දෙති, ආගමනදිට්‌ඨිකො දෙති. යත්‌ථ යත්‌ථ තස්‌ස තස්‌ස දානස්‌ස විපාකො නිබ්‌බත්‌තති, උළාරාය භත්‌තභොගාය චිත්‌තං නමති, උළාරාය වත්‌ථභොගාය චිත්‌තං නමති, උළාරාය යානභොගාය චිත්‌තං නමති, උළාරෙසු පඤ්‌චසු කාමගුණෙසු භොගාය චිත්‌තං නමති. යෙපිස්‌ස තෙ හොන්‌ති පුත්‌තාති වා දාරාති වා දාසාති වා පෙස්‌සාති වා කම්‌මකරාති වා, තෙපි සුස්‌සූසන්‌ති සොතං ඔදහන්‌ති අඤ්‌ඤා චිත්‌තං උපට්‌ඨපෙන්‌ති. තං කිස්‌ස හෙතු? එවඤ්‌හෙතං, ගහපති, හොති සක්‌කච්‌චං කතානං කම්‌මානං විපාකො.”}

A. "10. පායාසි රාජන්‍ය සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » දීඝ නිකාය » මහා වර්ගය » 10. පායාසි රාජන්‍ය සූත්‍රය.

ඉක්බිති ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මිනිස් ලොවට අවුත්, සකසා දන් දෙවු, සියතින් දන් දෙවු, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දෙවු, ඉවත ලූ දැයක් සේ නො කොට සැලැකිලිමත් වැ දන් දෙවු. පායාසී රාජන්‍යයා නො සකසා දන් දී, නො සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව නො උපදවා දන් දී, ඉවත ලූ දැයක් සේ කොට දන් දී, කාබුන් මරණින් මතු සිවු මහරජයෙහි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට), ශුන්‍ය විමානයකට පැමිණියේ ය. යම් උත්තර නම් මාණවයෙක් ඔහුගේ දානයෙහි ව්‍යාපෘත වී ද, හේ සකසා දන් දී, සියතින් දන් දී, ශ්‍රද්ධා ගෞරව උපදවා දන් දී ඉවත ලූ දැයක් සේ නො කොට සාදර වැ දන් දී කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට (දෙවියන් හා එක් වීමට) පැමිණීයේ යැ” යි මෙසේ දැන්වූහ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll