226. හිමිදිරි උදෑසන ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදෑසන" කියන යෙදුමේ තේරුම කුමක්ද?

A / T / R - පොහොය දිනය - රේරුකානේ චන්දවිමල මහනාහිමි. "පාන්දර 4 පටන් 6 දක්වා.

මේ ඉතා වැදගත් කාලයකි. මේ වේලාවට බ්‍ර‍හ්ම මුහුර්තය යි ද කියති. මහාබෝධිසත්ත්වයන් වහන්සේලා ලොවුතුරා බුදු බවට පැමිණෙන්නේ ද මහණ දම් පුරන බොහෝ භික්ෂූන් සෝවාන් වන්නේ සකෘදාගාමි අනාගාමි වන්නේ රහත් වන්නේ ද මේ වේලාවෙහි ය. තුන්යම් රාත්‍රියෙහි බණ අසන සැදැහැවතුන් බෙහෙවින් මඟපලවලට පැමිණෙන්නේ ද මේ කාලයෙහි ය. රාත්‍රියේ පශ්චිම යාමයේ අග කොටස වන මේ යහපත් කාලයේ සිල් සමාදන්ව සිටින ඔබ නො නිදා වැඩ කරන්න."

A / T. Brahmamuhurtha - බ්‍රහ්ම මුහුර්ථය.
(වැඩිදුර දැනුම සඳහා ම පමණි. උපුටා ගැනීම් කිහිපයකි - Cited from the Web.)
“සියලු බුදුවරු බුද්ධත්වය ලැබුයේද, ලෝක සත්වයාගේ හිතසුව පිණිස බුද්ධ ඥානයෙන් ලෝකය දෙස බැලුවේද මේ බ්‍රහ්ම මුහුර්ථය යෙදෙන අලුයම් වේලාවෙහිදීය.”
"Brahmamuhurta is the morning period between 3.30 a.m. and 5.30 a.m. It is suitable for meditation."
“ … one and a half hours before sunrise or more precisely 1Hr 36 Mins …. most appropriate for meditation, worship or any other religious practice. … ”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll