Q. මාගේ ප්‍රශ්ණය හාමුදුරුවරු වෙතයි. භාවනා කරද්දි මට විනාඩි 15ක් 20ක් උපරිම ඉන්න පුළුවන් වෙන්නෙ. කකුල්වල දැඩි වේදනාවක්, හිරිවැටීමක් එනව. මට වයස 32යි. මේ වේදනාව එද්දි ඉරියව් වෙනස් කිරීම සුදුසුද? මින් ඉදිරියට භාවනාව පවත්වාගන්නේ කෙසේද? හිරිවැටීම හා වේදනාව නිසා සිත අරමුණේ තබාගැනීම අපහසුයි. තෙරුවන් සරණයි.
A. “මෙසේ වාඩි වී සිටීම මුලදී අපහසුවක් සැටියට දැනෙන්නට පුළුවන. කල් යෑමෙන් පුරුදු වූ කල්හි එයම භාවනාවට පහසු ක්‍රමය වනු ඇත. එසේ වාඩි වීමට අපහසු අය විසින් පහසු සැටියකින් වාඩි වී භාවනා කළ යුතුයි. බද්ධපර්‍ය්‍යංකයෙන් විසීමට ක්‍රමයෙන් පුරුදු කර ගත යුතුය.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/4-1.html
Q. වේදනාව බහුල වූවිට එය නවත්වා මද වේලාවකින් නැවත පටන් ගැනීම සුදුසුද, නැතහොත් වාඩිවීසිටම පාද දිගහැර හකුළුවා ඉරියව් වෙනස් කිරීම සුදුසුද? එසේත් නැතිනම් ඉවසා සිටිය යුතුද?
A. ඔබ සඳහන් කළ සියල්ල ම සුදුසු ය. බුදු දහමේ භාවනාවක් නොවන ඉරියව්වක්, ඉරියව් පරිහරණයක්, වේදනාවක්, සිතක්, සිතුවිල්ලක්, ක්‍රියාවක් නොමැත.
එසේ නමුත්, භාවනාව ඉතා සෙමින්, ඉතා කල්පනාකාරීව ඉදිරියට යා යුතු ගමනකි. ඔබට අවශ්‍ය නම් ඉරියව්ව පමණක් කාලයක් පුහුණු කළ හැක.
ඉරියව්ව අපහසු විට, වේදනාව මෙනෙහි කිරීම හෝ නැගිට සක්මන් භාවනාව හෝ ද ආදී වශයෙන් කළ හැක.
ඉඳගෙන සිටීමේ ඉරියව්වට හුරුවීමේ වාසිය හා අවශ්‍යතාවය නම්, භාවනාවේ මුඛ්‍ය අරමුණ වන සමාධිය (හා එමඟින් ප්‍රඥාව) ළඟා කර ගැනීම යි. ඉරියව් මාරු කිරීමෙන් හෝ අපහසුතාවයෙන් භාවනා කිරීමෙන් සමාධිය දුරස් විය හැක.
සමාධිය ලැබීමට පෙර වුව ද භාවනාව ප්‍රණීත හා ආස්වාදජනක වූ විට, ඉරියව්ව හා කාලය ප්‍රශ්නයක් / කරදරයක් / බාධාවක් නොවනු ඇත.
භාවනාව පටන් ගැනීම මෙලාවට බිහි වූ ගමන් ම වැනිය - දණ-බඩ ගෑමට කලින් කලක් සිටිය යුතුය - ඇවිදීමට ද හැකි වනු ඇත!
A / T. >>> “යමකුට යම් ක්‍රමයකින් වාඩිවීමෙන් වේදනා ඇතිවේ නම් ඒ ක්‍රමය ඔහුට සුදුසු නැත. තමා තමාට පහසු ක්‍රමයකින් ම භාවනා කරත්වා!” <<<
(“සාමාන්‍යයෙන් සතර ඉරියව ම භාවනාවට සුදුසුය. වාඩිවීමේ ඉරියව්ව විශේෂයෙන් භාවනාවට සුදුසුය. භාවනා කිරීමට හොඳම ක්‍රමය බද්ධපර්‍ය්‍යංකයෙන් වාඩි වී කිසිවකට හේත්තු නොවී ශරීරය ඉදිරියට නො නමා කෙළින් තබා ගෙන භාවනා කිරීමය. මෙසේ වාඩි වී සිටීම මුලදී අපහසුවක් සැටියට දැනෙන්නට පුළුවන. කල් යෑමෙන් පුරුදු වූ කල්හි එයම භාවනාවට පහසු ක්‍රමය වනු ඇත. එසේ වාඩි වීමට අපහසු අය විසින් පහසු සැටියකින් වාඩි වී භාවනා කළ යුතුයි. බද්ධපර්‍ය්‍යංකයෙන් විසීමට ක්‍රමයෙන් පුරුදු කර ගත යුතුය. ස්ත්‍රීන්ට අර්ධ පර්‍ය්‍යංකය යි කියන පතුල් දෙක පිටිපසට යන සේ වාඩි වීම හොඳ බව කියා තිබේ. බංකු පුටු ආදියෙහි පා දෙක පහතට හෙලා වාඩි වීමේ ක්‍රමය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම සුදුසුය. යමකුට යම් ක්‍රමයකින් වාඩිවීමෙන් වේදනා ඇතිවේ නම් ඒ ක්‍රමය ඔහුට සුදුසු නැත. තමා තමාට පහසු ක්‍රමයකින් ම භාවනා කරත්වා!”)