869. සමාධි අවධි විධි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සමාධියේ අවධි කීයක් තියනවාද? ඒ මොනවාද? විස්තරයක් දෙන්න පුලුවන්ද?

A. “‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍ර‍තා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකොත්තර වූ) අරණසමාධි යැ ප්‍ර‍තිඝචිත්තයෙහි එකාග්‍ර‍තා සංඛ්‍යාත සවෙරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍ර‍තිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍ර‍තිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකොත්තර වූ නිරාමිස සමාධි යැ දන්ධාහිඥ වූ සසංඛාරසමාධි යැ ක්ෂිප්‍රාහිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්ක සවිචාර සමාධි යැ අවිතර්කවිචාරමාත්‍ර‍ වූ සමාධි යැ අවිතර්කඅවිචාර සමාධි යැ (අප්‍ර‍ගුණ වූ ප්‍ර‍ථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බෙධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි.”
https://tipitaka.lk/kn-nett-3-1-14/55-4/sinh

[https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-8.html]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll