922. පළමු ධර්ම සංගායනාවේ දී අභිධර්ම පිටකය සංගායනා උණේ නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පලමු ධර්ම සංගායනාවේදී, සූත්‍ර පිටකය හා විනය පිටකය පමණක් සංගායනා වූයේ ඇයි?

A. “අභිධර්ම පිටකයක් පළමුවන දෙවන සංගායනා වලදී සංගායනා කර නැත ය යි ද එය තුන්වන සංගායනාවේදී බුද්ධ ධර්මයට එකතු කරන ලද්දකැයි ද ඇතැම් අභිධර්ම විරෝධීහු පවසති. .... පළමුවන දෙවන සංගායනා වලදී අභිධර්ම පිටකය නො තිබුණේ ය යි කියන්නේ ඒ සංගායනා විස්තර වරදවා තේරුම් ගැනීම නිසා විය හැකි ය.

එය තේරුම් ගතහැකි වීමට බුද්ධ දේශනය කොටස්වලට බෙදා ඇති සැටි තේරුම් ගත යුතු ය. බුද්ධදේශනාව ධර්මය - විනයය කියා කොටස් දෙකකට බෙදනු ලැබේ. එයින් විනය යනුවෙන් අදහස් කරන්නේ විනය පිටකයට අයත් පාරාජිකාපාලි, පාචිත්තියපාලි, මහාවග්ගපාලි, චුල්ලවග්ගපාලි, පරිවාරපාලි යන ප්‍ර‍කරණ පසය. ධර්ම යනුවෙන් අදහස් කරන්නේ ඉතිරි බුද්ධ දේශනා සියල්ල ය. එනම් සූත්‍ර‍පිටකය, අභිධර්මපිටකය යන දේශනා දෙකොටස ය. ධර්මය යන වචනයෙන් සූත්‍ර‍ අභිධර්ම යන දෙකොටස ම කියවේ. ධම්මසංගණී ආදි ප්‍ර‍කරණ සතට විශිෂ්ඨ ධර්මය වන බැවින් අභිධර්ම යන නාමය දී තිබේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll