802. කාලය මායාවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කාලය යනු අති වී නැති වී යන නිමේශයන් සමූහයක එකතුවක් ලෙස විග්‍රහ කලොත් අප ජීවත් වන්නේ කවරෙකු හෝ විසින් නිර්මානය කරන ලද මායාවක් (constructed reality) තුලද?
බුදු දහමේ කාලය පිලිඹද කර ඇති විග්‍රහය කුමක්ද?
Q. කාලය යන්න සිතිවිල්ලක්ද ?

A. 1. කාලය සාපේක්ෂය - අවකාශයට / තලයන්ට / ලෝකයන්ට අනුව වෙනස් වේ.

“කාම සත්ත්වයන් ගේ ආයුෂ” >>> https://pitaka.lk/books/abhidharma-margaya/6-3.html >>>

2. කාලය ප්‍රඥප්තියකි - සම්මත කරගන්නා ලද බොරුවකි.

“කාල ප්‍ර‍ඥප්තිය” >>> https://pitaka.lk/books/abhidharma-margaya/9-7.html

3. කාලය මායාවකි - නොපෙනෙන සත්‍යයක් ද ඇත.

“යමෙක් තෙම මේ සාගලපුරයෙහි දී කාලක්‍රියා කොට බ්‍ර‍හ්මලොකයෙහි උපදින්නේ ය. යමෙක්තෙම මෙහි දී කාලක්‍රියා කෙරෙමින් කාශ්මීරදෙශයෙහි උපදින්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරෙක් බොහෝ කලකින් උපදී ද?”


T. "යාව බ්‍රහ්මලොකාපි කායෙන වසං වතෙත්තී යනු: ඉදින් ඒ සිත්විසීපත් සෘද්ධි ඇත්තේ බඹලොවට යනු කැමැති වෙයි, දුරුදු වුව ‘වැළැත් වේව’යි ඉටයි, හේ වැළත් වෙයි, වැළැතුදු වුව ‘දුරැ වේව’යි ඉටයි, හේ දුරැ වෙයි. බොහෝ ද වුව ‘මඳ වේව’යි ඉටයි හේ මඳ වෙයි. මඳ ද වුව, බොහෝ වේව’යි ඉටයි හේ බොහෝ වෙයි, දිවඇසින් ඒ බඹහුගේ රූපය බලයි, දිවසෝධයින් ඒ බඹහුගේ හඬ අසයි. පරසිත්දන්නා නුවණින් ඒ බඹහුගේ සිත දැනගනියි. ඉඳින් ඒ සිත්විසීපත් ඉදුහ ඇත්තේ පැනෙන සිරිරින් බඹලෙව් යාටි වේ නම් කාය වශයෙන් සිත පිරිනමයි කාය වසයෙන් සිත ඉටයි. කා විසින් සිත පිරිනමා කා විසින් සිත ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන පැනෙන සිරිරින් බඹලොවට යෙයි. ඉදින් ඒ සිත් විසීපත් සෘද්ධි ඇත්තේ නො පැනෙන සිරිරින් බඹලොවට යාටි වේ නම් චිත්ත වසයෙන් කය පිරිනමයි, චිත්ත වසයෙන් කය ඉටයි. චිත්ත වසයෙන් කය පිරිනමා චිත්ත වසයෙන් කය ඉටා සුඛසංඥාවට ද ලඝුසංඥාවට ද බැසැගෙන නො පැනෙන සිරිරින් බඹලොවට යෙයි. හේ ඒ බඹහු ඉදිරියෙහි සියලු අඟපසඟ ඇති නො පිරිහුන් ඉඳුරන් ඇති මනෝමයරූපයක් නිර්‍මාණය කෙරෙයි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ සක්මන් කෙරේ නම් නිර්මිත වූයේ ද එහි සක්මන් කෙරෙයි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ සිටී නම් නිර්මිත වූයේ ද එහි සිටී. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ හිදී නම් නිර්මිත වූයේ ද එහි හිදී. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ යහන්හි හොවී නම් නිර්මිත වූයේ ද එහි යහන්හි හොවී. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ දුමා නම් නිර්මිත වූයේ ද එහි දුමයි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ දිලියේ නම් නිර්මිත වූයේ ද එහි දිලියෙයි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ බෙණේ නම් නිර්මිත වූයේ ද එහි බෙණෙයි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ පැන පුළුවුසි නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්සි. ඉදින් ඒ සෘද්ධි ඇත්තේ පැන පුළුවුස්නාලද්දේ විසඳා නම් නිර්මිත වූයේ ද එහි පැන පුළුවුස්නාලද්දේ විසඳයි. ඉඳින් ඒ සෘද්ධි ඇත්තේ ඒ බඹුන් හා සමග එක් වැ සිටී නම් සංලාප කෙරෙ නම් සාකච්ඡාවට පැමිණේ නම් නිර්මිත වුයේ ද එහි ඒ බඹුන් හා සමඟ එක් වැ සිටී. සංලාප කෙරෙයි. සාකච්ඡාවට පැමිණෙයි. ඒ සෘද්ධි ඇත්තේ යමක් යමක් මැ කෙරේ නම් ඒ නිර්මිත වූයේ ඒ ඒ දැය මැ කෙරේ නු’යි මේ අධිෂ්ඨානසෘද්ධි නම."


"කායෙති ¶ කරජකායෙ. චිත්තන්ති පාදකජ්ඣානචිත්තං. සමොදහතීති පක්ඛිපති. යදා දිස්සමානෙන කායෙන ගන්තුකාමො හොති, තදා කායගතිකං ¶ පාදකජ්ඣානචිත්තං අධිට්ඨහතීති අත්ථො. චිත්තෙපි කායං සමොදහතීති යදා සීඝං ගන්තුකාමො හොති, තදා පාදකජ්ඣානචිත්තෙ කායං පක්ඛිපති, චිත්තගතිකං කායං අධිට්ඨහතීති අත්ථො. කායෙ සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වාති “සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍යා”ති වුත්තනයෙන (මහාව• 8, 137; දී• නි• 2.66; ම• නි• 1.282; 2.338; සං• නි• 1.172) ඉද්ධිමා කායෙ සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමිත්වා පරෙසං දිස්සමානෙන කායෙන ආරාමරාමණෙය්‍යකාදීනි පෙක්ඛමානො චිත්තක්ඛණෙනෙව ඉච්ඡිතට්ඨානං ගච්ඡති."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll