198. ග්‍රන්ථණීය කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රූපය ග්‍රන්ථනීයයි කියලා කියනවා. මෙහෙදි අභිඡ්ඣාව දැඩිලෝභය කාය ග්‍රන්ථයක්, ව්‍යාපාදය කාය ග්‍රන්ථයක්. විචිකිච්ඡාවත්, මම කියන එක ඇත්තයි අනිත් ඒවා ඔක්කොම බොරු කියන දෘෂ්ටියත් කාය ග්‍රන්ථයක්, කයේ ගෙතෙනවා කයෙන් මිදෙන්නේ නෑ. මෙහි අවසාන කෙලස් 2 ඇති විට කයෙන් මිදෙන්නේ නැහැ යන්න කරුනාවෙන් පහදා දෙන්න පුල්වන්ද.

A. (ග්‍රන්ථණීය = ග්‍රන්ථයන්ට හිත = ග්‍රන්ථයන්ට උපකාර ධර්ම.)
අවසාන ග්‍රන්ථ 2ක ම එක්කොට ගත් කළ එකම “(මිච්ඡා) දිට්ඨි” චෛතසිකය ය, එබැවින් එකී ග්‍රන්ථ දෙකම “දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරෙහි” යෙදෙන බැවින්, (ඔබේ ප්‍රශ්නයට අදාළව, මෙතැන් දී) “රූපය” ග්‍රන්ථනීය බැවින් “රූපය” අරම්භයා/උදෙසා ද නොයෙක් මිත්‍යා දෘෂ්ටි (මානසික/කායික/වාචසික ක්‍රියා) ඇති කරගැනීම සිදුවේ; එයින් සසර ගෙතී සිටීම මිස මිදීමක් නොමැත.
[දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතර (හා විචිකිච්චාව ද) නිරුද්ධවන්නේ සෝවාන් මාර්ගයෙනි.]

{“ග්‍රන්ථ” ගැන මනා අවබෝධයක් ලබා ගෙන, ඒ අනුව ග්‍රන්ථයෝ පන්චස්කන්ධයෝ සමඟ ගෙතෙන අයුරු ධර්මාණුකූලව විමසන්න.
"ගන්ථනියා" - කතමෙ ධම්මා ගන්ථනියා? තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාබ්‍යාකතං, සබ්බඤ්ච රූපං – ඉමෙ ධම්මා ගන්ථනියා."
”පන්චස්කන්ධයෝ” - http://pitaka.lk/bjt/ - අභිධර්මපිටක » විභඞ්ගප්පකරණ » ඛන්ධවිභඞ්ගො »}

R. "ග්‍රන්ථ - අභිජ්ඣාකායගන්ථ - ව්‍යාපාද කායගන්ථ - සීලබ්බත පරාමාස කායගන්ථ - ඉදං සච්චාභිනිවේස කායගන්ථ කියා ග්‍ර‍න්ථ සතරෙකි.

‘අභිජ්ඣා’ කායගන්ථ යනු ලෝභය ය. කාමරාග රූපරාග-අරූපරාග වශයෙන් පවත්නා සකල ලෝභය ම එයට ඇතුළත් වේ. ‘ව්‍යාපාද කායග්‍ර‍න්ථය’ යනු අනේකාකාරයෙන් ඇති වන ද්වේෂය ය. ‘සීලබ්බත පරාමාස කායගන්ථය’ යනු සසර දුකින් මිදීමට කරුණු නො වන ගෝ - ශීල, ගෝ - ව්‍ර‍තාදිය නිවන් මග යයි තදින් ගන්නා මිථ්‍යාදෘෂ්ටිය ය. ‘ඉදං සච්චාභිනිවේස කායගන්ථ’ යනු සත්‍යය මෙය ම ය. අනික් සියල්ල බොරු ය කියා නිත්‍ය ආත්මයක් ඇත ය යනාදීන් වරදවා ගත් දෙයක් තදින් ම ගන්නා දෘෂ්ටිය ය.

සීලබ්බත පරාමාස - ඉදංසච්චාභිනිවේස යන දෙක ම ධර්‍ම වශයෙන් ගන්නා කල්හි එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් ලෝභය - ද්වේෂය - දෘෂ්ටිය යි ධර්ම වශයෙන් ග්‍ර‍න්ථ තුනක් ම වන්නේ ය. මේ ධර්මයෝ තිදෙන සත්ත්වයා හට සංසාරයෙන් බැහැර විය නො හෙන පරිද්දෙන්, මරණින් මතු භව පරම්පරාව සිඳී නො යන පරිද්දෙන්, වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කෙරෙති. එබැවින් ඒ ධර්මයෝ ග්‍ර‍න්ථ නම් වෙති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll