138. මිනිස්ලොව තුළත් ඕපපාතිකව ඉපදෙන අය ඉන්නවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මිනිස්සුත් ඕපපාතිකව ඉපදෙනවා ද?

A. අම්බපාලි - මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය.

R. “ … අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා එබඳු (ඕපපාතික) දෙන්නෙක්. අම්බපාලි සහ චිඤ්චිමානවිකාව. …. (චිඤ්චිමානවිකාව) නිගන්ඨයො ආශ‍්‍රය කරල බුදුරජාණන් වහන්සේට අපහාස කර අපායට ගියා. අම්බපාලි පැවිදිව රහත් වුණා. … ” - අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි.

C. රේරුකානේ මාහිමියන්ගේ "නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය" යන ග්‍රන්ථයෙහි (124 පිටුව - යෝනි) අම්බපාලි සහ චිඤ්චිමානවිකාව සංසේදජ සත්ත්වයෝ ලෙස දක්වා ඇත.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll