405. සතර ආහාරය ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. භාග්‍යවතුන්වහන්සේ "ආහාර සමුදයා රූප සමුදයෝ" ලෙස දැක්වූයේ සතර ආහාරයමද?

A / R. සතර ආහාරයෙන් මෙහිදී ගනු ලබන්නේ කබළීකාරාහාරය යි.
{[අනෙකුත් ආහාර 3 හා] රූප සමුදයට තවත් (චිත්ත, කම්ම, ඍතු, අවිද්‍යා, තණ්හා, නිබ්බත්ති ලක්ෂණ නොදැනීම) හේතු ඇතත් ...}

Q. ඒ සඳහා යම් විශේෂ හේතුවක් දක්වන්න පුලුවන්ද?

A / R. එකක් නෙවෙයි, කිහිපයක් ම දක්වන්න පුළුවන්.

කබළීකාරාහාරය පිරිසිඳ දැකීම නිසා,

1. බලු වමනයක් වගේ කබළීකාරාහාරයෙන් හැදෙන ශරීරය කෙරෙහි ආශාව රාගය ලෝභය කෑදරකම අතහැරෙනවා.

2. කුණූප කොටස් තිස් දෙකක් හැදෙන්න උපකාරීවන කන-බොන ආහාරය කෙරෙහි ආශාව රාගය ලෝභය කෑදරකම අතහැරෙනවා.

3. තව දුරටත් මදක් ගැඹුරින් බැලූ විට (රූප සමුදය දැන ගැනීමෙන්) මෙය (කබළීකාරාහාරය පිරිසිඳ දැකීම) රූපය කෙරෙහි ඇති සක්කාය දිට්ඨිය / ආත්ම සංඥාව දුරුවෙන්නත් බෙහෙවින් ම උපකාරී වෙනවා.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll