Q. විඥානය යනු දැනීමයි, සංඥාව යනු හදුනාගැනීමයි. මෙම හදුනාගැනිම සහ දැනිම වෙන් කර ගන්නෙ කොහොමද? මෙම දෙකම එකක් වගෙ දැනෙනෙ. කරැනාවෙන් පහදන්න.
A / R. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විඤ්ඤාණය කවර ලක්ෂණ දැ”යි කීහ. “මහරජානෙනි, විඥානය දැන ගන්නා ලක්ෂණය”යි කීසේක. “ස්වාමීනි, උපමාවක් කර වදාළ මැනැවැ”යි කීහ. “මහරජානෙනි, යම් සේ නුවර රක්ෂාවෙහි නියුක්ත වූ පුරුෂතෙම නුවර මධ්‍යයෙහි වූ සතරමංසන්ධියෙහි සිටිමින් (65) පූර්වදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. දකුණුදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. පශ්චිම දිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය. උත්තරදිශාභාගයෙන් එන්නා වූ පුරුෂයාත් දක්නේ ය.
“මහරජානෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි පුරුෂතෙම ඇසින් යම් රූපයක් දකී ද, ඒ දුටු රූපය විඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. සොතයෙන් යම් ශබ්දයක් අසා ද, ඒ ඇසූ ශබ්දය සොතවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. නාසයෙන් යම් සුගන්ධාදියක් ආඝ්‍රාණය කෙරේ ද, ඒ ගන්ධය ඝාණවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. දිවින් යම් රසයක් ආස්වාද කෙරේ ද, ඒ රසය ජිව්හාවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. ශරීරයෙන් යම් ස්පර්ශයක් කෙරේ ද, ඒ ස්පර්ශය කායවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. සිතින් යම් ධර්මචින්තාවක් දැන ගණී ද, ඒ සිතිවිලි මනොවිඤ්ඤාණයෙන් දැන ගන්නේ ය. “මහරජානෙනි, එපරිද්දෙන් ම විඤ්ඤාණය විජානනලක්ෂණ වන්නේ ය” යි වදාළසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, “දක්ෂ වූසේකැ” යි ස්තුති කළහ.
“මිලිඳු රජු - ස්වාමීනි, සංඥාව කවර ලක්ෂණ ඇත්තක්ද?
නාගසේන තෙරණුවෝ - මහරජ, සංඥාවෙහි හැඳින ගන්නා ලක්ෂණ ඇත. එය සුදු පැහැයත් හඳුනයි. රතු පැහැයත් හඳුනයි. නිල් පැහැයත් හඳුනයි.”