372. නවවිධ මාන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 8. ඛජ්‌ජනීය වර්ගය-පළමුවැනි අරහන්‌ත සූත්‍රය:
... රහත්හු ඒකාන්තයෙන් (ධ්‍යාන -මාර්ග -ඵල සුඛයෙන්) සුඛිතයහ, ඔවුනට තෘෂ්ණායෙක් නැත. නවවිධ අස්මිමානය රහත් මඟ නුවණින් සිඳින ලදී. මෝහ නැමැති දැල පළන ලදී... මෙහි නවවිධ අස්මිමානය යනු කුමන මාන 9ක් ද?

A / R. 1008. එහි නවවිධ මානයෝ කවරහ යත්: මම ශ්‍රෙෂ්ඨයහට ශ්‍රෙෂ්ඨයෙමි යන මානය, මම ශ්‍රෙෂ්ඨයහට සදෘශයෙමි යන මාන ය, මම ශ්‍රෙෂ්ඨයහට හීනයෙමි යන මානය, මම සදෘශයහට ශ්‍රෙෂ්ඨයෙමි යන මාන ය, මම සදෘශයහට සදෘශයෙමි යන මාන ය, මම සදෘශයහට හීනයෙමි යන මාන ය, මම හීනයහට ශ්‍රෙෂ්ඨයෙමි යන මාන ය, මම හීනයහට සදෘශයෙමි යන මාන ය, මම හීනයහට හීනයෙමි යන මාන යි. මොහු නවවිධ මානයෝ යි.
[https://pitaka.lk/books/rc/Wanchaka_Dharma.htm#_Toc436722797
https://pitaka.lk/books/rc/Wanchaka_Dharma.htm#_Toc436722948]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll