837. කළ්‍යාණ පෘථග්ජනයා සහ සොවාන් මාර්ගස්ථ පුද්ගලයා වෙනස්වන්නේ කෙසේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කළ්‍යාණ පෘථග්ජනයා සහ සොවාන් මාර්ගස්ථ පුද්ගලයා වෙනස්වන්නේ කෙසේද? පැහැදිලිකරදෙන්න.

A / R. "කළ්‍යාණ පෘථග්ජනයාගේ නුවණ අට්ඨමක පුද්ගලයාගේ සොවාන් මාර්ගස්ථ පුද්ගලයාගේ නුවණට දුරෙහිය. බොහෝ දුරෙහිය. අතිශයින්ම දුරෙහිය. ලඟ නොවේ. හාත්පස නොවේ.
කළ්‍යාණි ප්‍රථග්ජනයා ගෙණ සසඳන විට සෝවාන් මාර්ගස්ථ පුද්ගලතෙමේ අසාමන්ත ප්‍රාඥයෙකි. ඔහුට වඩා ඈත්වූ නුවණ ඇත්තෙකි.
සෝවාන් මාර්ගස්ථ පුද්ගලයාගේ ප්‍රඥාව සෝතාපන්නයාගේ (සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ) ප්‍රඥාවට වඩා දුරෙහිය, බොහෝ දුරෙහිය, අතිශයින්ම දුරෙහිය, සමීපයෙහි නොවේ, හාත්පස නොවේ.
සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයා ගෙණ සසඳනවිට සෝතාපන්නයා සෝවාන් පලයට පැමිණි පුද්ගල අසාමන්ත ප්‍රාඥ නම් වේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll