Q. නොදැන කරන පව් බලවත් වැඩියි ද?
A . 101. "මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් දැන දැන පව්කම් කරයි. තවත් කෙනෙක් නොදැන පව්කම් කරයි. වැඩියෙන් අකුසල් සිදුවන්නේ කාටද?
නාගසේන තෙරණුවෝ - මහරජ, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට අකුසල් බොහෝය. රත්වූ යකඩ ගුලියක් එක් අයෙක් දැනගෙන අල්ලන අතර අනෙක් අය නොදැන අල්වයි. නොදැන ඇල්ලු තැනැත්තාගේ අත වැඩියෙන් දැවෙයි. විපාක නොදන්නා තැනැත්තාගේ මෝහය හෙවත් මුළාව බලවත් නිසා බොහෝ අකුසල් රැස්කර ගනියි. පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නොකර බැරි කමකින් මිස කැමැත්තකින් නොවෙයි. ඔහු පව්කම් කරන්නේ නිතරම පසුබෑමෙන් ය. එම නිසා ඔහුගේ අකුසල් නොදැන පව් කරන්නාගේ තරම් බලවත් නොවෙයි."
"14. අනාපත්ති ප්‍රශ්නය. මිලිඳු රජු -
ස්වාමීනි, යමෙක් විපාක නොදැන පව්කම් කරන්නේ නම් ඔහුට බොහෝ අකුසල් සිදුවන බව කියවෙයි. එසේනම් විනය පිටකයෙහි “මේ සත්වයා මරමි” යයි නොදන්නා අයටද පව් නැතැයි සඳහන් වන්නේ කෙසේද?
නාගසේන තෙරණුවෝ -
මහරජ, විශාලා මහනුවර භික්ෂු නමක් පිඬු සිඟා වඩිද්දී අනවසරයෙන් නිවසකට ඇතුළුවී රෙද්දක් එළා තිබූ පුටුවක වඩි විය. එහි රෙද්දකින් වසා කුඩා බිළිඳකු නිදි කරවා තිබු අතර භික්ෂුන් වහන්සේ වාඩිවීම නිසා ඒ දරුවා මිය ගියේය. එම භික්ෂුව විසින් මෙම සිද්ධිය බුදුපියාණන්ට සැළ කළ විට, ඒ බව දැනගෙන කළේදැයි විචාරා, නොදැන වූ බව පැවසූ කල පාපයක් නැතැයි වදාළහ. එහෙත් මින් පසු නිවැසියන් විචාරාම අසුන් ගන්නැයි අවවාද කළ සේක.
තවත් වරෙක භික්ෂු නමක් විෂ මිශ්‍ර භෝජනයක් ලැබ විහාරයට ගෙන ගොස් හිතවත් භික්ෂු නමක් වළඳවා විෂයෙන් මළ කල මහා ශෝකයෙන් බුදුපියාණන් කරා ගොස් සැළ කළේය. එවිට බුදුපියාණෝ ඒ බව දැනගෙන කළේදැයි විචාරා නොදැන වූ බව පැවසූ විට පව් නැතැයි වදාළහ. කර්මය යනු සිතා මතා කරන ක්‍රියාය. දරුවා මිය ගියද, භික්ෂු නම මිය ගියද ඔවුන් මැරීමේ චේතනාවක් කිසිවෙකුට නොතිබුණි. මේ අනුව අකුසල් විපාක නොදැන පව් කරන්නාට බොහෝ අකුසල් රැස්වන බවත්, “මේ ක්‍රියාව නිසා මේ සත්වයා මිය යයි” කියා නොදන්නා අයට පව් නැති බවත් සත්‍යය."
R. "ලෝක සම්මුතියේ සැටියට නම්, දැන දැන පව්කම් කිරීම මහත් වරදෙකි. එහෙත් ඒ දැන ගැනීම කර්මය දුබල වීමට මිස බලවත් වීමට කරුණක් නො වේ. පව් හඳුනන පව්වල විපාක දන්නා තැනැත්තා පව් කළත් කරන්නේ නො කර බැරිකමකින් මිස කැමැත්තකින් නො වේ. ඔහු පව් කරන්නේ නිතර ම පසු බැස බැස ය. එබැවින් බලවත් සම්මෝහයෙන් පව්කම් කරන්නවුන්ට ඇතිවන තරමට බලවත් අකුශල චේතනා දැන දැන පව් කරන්නවුන්ට ඇති නො වේ. එබැවින් නිතර ම නො දැන පව් කරන්නා ගේ පාපයට වඩා දැන දැන පව් කරන්නා ගේ පාපය කුඩා ය.
මේ කාරණය මිළින්දප්‍රශ්නයෙහි මෙසේ දක්වා තිබේ. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එකෙක් දැන දැන පව්කම් කරන්නේය, එකෙක් නො දැන පව් කම් කරන්නේය, මේ දෙදෙනාගෙන් වඩා පව් සිදු වන්නේ කාටදැ”යි මිළිඳු රජු විචාළේ ය. එකල්හි නාගසේන තෙරුන් වහන්සේ “මහ රජ, යමෙක් නො දැන පව් කෙරේ නම් ඔහුට වඩා පව් සිදුවන්නේ ය”යි වදාළ සේක. එකල්හි මිළිඳු රජ කියනුයේ; “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, එසේ නම් අප ගේ පුත්‍රයකු හෝ ඇමතියකු හෝ නො දැන වරදක් කෙළේ නම් ඔහුට දෙගුණයක් දඬුවම් කරමි”යි කීය. නාගසේන ස්ථවිරයන් වහන්සේ “මහරජ, ගිනියම් වූ ලොහො ගුලියක් එකෙක් දැනගෙන අල්ලන්නේ ය. එකෙක් නො දැන අල්ලන්නේ ය. ඒ දෙදෙනාගෙන් කවරකු ගේ අත වඩා දැවෙන්නේ දැ” යි විචාළ සේක. “නො දැන අල්ලන තැනැත්තා ගේ අත වඩා දැවෙන්නේය” යි රජ කීය. “මහරජ, එපරිද්දෙන් නො දැන පව්කරන්නහුට බොහෝ පව් වන්නේය” යි නාගසේන තෙරුන් වහන්සේ වදාළ සේක."