106. දස සක්විතිවත් මොනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දස සක්විති වත් මොනව ද?

AS. "‘දේවයන් වහන්ස, ඒ නිවැරදි සක්විතිවත් කවරේද’ (මෙසේයි)

[1] “පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කරව.
[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම කරව.
[6] මහණ බමුණන්ද රැක ගැනීම කරව.
[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කරව.
[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.
[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.
[10] පුත්‍රය, සිය රටෙහි ආසා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. පුත්‍රය, නිවැරදි සක්විතිවත් මේවායි’ කීය."

[‘‘‘කතමං පන තං, දෙව, අරියං චක්කවත්තිවත්ත’න්ති ? [1]‘තෙන හි ත්වං, තාත, ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො (ගරුකරොන්තො (සී. ස්‍යා. පී.)) ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්‍යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තොජනස්මිං [2]බලකායස්මිං [3]ඛත්තියෙසු අනුයන්තෙසු (අනුයුත්තෙසු (සී. පී.)) [4]බ්‍රාහ්මණගහපතිකෙසු [5]නෙගමජානපදෙසු [6]සමණබ්‍රාහ්මණෙසු [7]මිගපක්ඛීසු. [8]මා ච තෙ, තාත, විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ. [9]යෙ ච තෙ, තාත, විජිතෙ අධනා අස්සු, තෙසඤ්ච ධනමනුප්පදෙය්‍යාසි (ධනමනුප්පදජ්ජෙය්‍යාසි (සී. ස්‍යා. පී.)). [10]යෙ ච තෙ, තාත, විජිතෙ සමණබ්‍රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡෙය්‍යාසි පරිග්ගණ්හෙය්‍යාසි - ‘‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා’’ති? තෙසං සුත්වා යං අකුසලං තං අභිනිවජ්ජෙය්‍යාසි, යං කුසලං තං සමාදාය වත්තෙය්‍යාසි. ඉදං ඛො, තාත, තං අරියං චක්කවත්තිවත්ත’න්ති."]

{[1]“දරුව එසේ නම්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ඇසුරු කොට (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම සත්කාර කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම ගරු කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මයට ම බුහුමන් කරමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම පුදමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම යටත් පැවැත්ම දක්වමින්, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ධ්වජයක් සේ පෙරටු කැරැගත්තෙක් වැ, (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම කුන්තයක් සේ ඔසොවා ගත්තෙක් වැ (දශ කුශලකර්‍ම පථ) ධර්‍මය ම ආධිපත්‍යය කොට ඇත්තෙක් වැ, (හැම ක්‍රියාවක් දශ කුශලකර්‍ම පථ වශයෙන්ම කරන්නෙක් වැ) (පුත්‍ර දාරාදි) අන්තෝජනයා කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[2]ධර්‍මය ම ඇසුරු කොට … බලසෙන් කෙරෙහි ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධානය කරව.

[3]ධර්‍මය ම ඇසුරු කොට … යටත් වූ අනුයුක්ත ක්‍ෂිත්‍රයයන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[4]ධර්‍මය ම ඇසුරු කොට … බමුණන් කෙරෙහි ද ගැහැවියන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[5]ධර්‍මය ම ඇසුරු කොට … නියම්ගම්වැසි දනවුවැසි ජනයා කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[6]ධර්‍මය ම ඇසුරු කොට … මහණුන් කෙරෙහි ද (බාහිත පාපි) බමුණන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[7]ධර්‍මය ම ඇසුරු කොට … මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික වූ රක්‍ෂාවරණගුප්තිය සංවිධාන කරව.

[8]දරුව, තගේ රටෙහි අධර්‍මක්‍රියා නොපවත්නා ලෙසට කටුයුතු සලසව.

[9]දරුව, තා රටෙහි යම් කෙනෙක් ධනය නැත්තාහු ද, ඔවුනට ධනය දෙව.

[10]දරුව, තා රටෙහි යම් මහණ බමුණු කෙනෙක් මදයෙන් හා ප්‍රමාදයෙන් වැළැක්කාහු, ක්‍ෂාන්තියෙහි ද සෞරත්‍යෙයෙහි ද (කායික වාචසික සුචරිතයෙහි ද) පිහිටියාහු එක ම තම සිත දමනය කෙරෙත් ද, එකම තම සිත සංහිඳුවත් ද, එක ම තම සිත පිරිනිවත් ද, ඔවුන් කරා කලින් කලැ එළැඹ, “වහන්ස, කුසල් කවර යැ? අකුසල් කවර යැ? වරද කවර යැ? නිවරද කවර යැ? සෙවියැ යුත්ත කවර යැ? නොසෙවියැ යුත්ත කවර යැ? මා කරන කිමෙක් නම් බොහෝ කලක් අවැඩ පිණිස දුක් පිණිස පවත්නේ ද? මා කරන කිමෙක් හෝ බොහෝ කලක් වැඩ පිණිස සුව පිණිස පවත්නේ දැ?” යි නැවත නැවත විචාරව පුන පුනා ප්‍රශ්න කරව. ඔවුන් කී බස් අසා යමෙක් අකුසල් වේ ද, එය බැහැර කරව. යමෙක් කුසල් වේ ද, එය සමාදන් කොට ගෙන පවතුව.

දරුව, මේ අරී සක්විතිවත නම් වේ” යැ යි රාජර්ෂි කී ය."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll