631 - වට්ට තුණ - වෘත්ත තුන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පටිච්චසමුප්පාදය කේලේස්,කර්ම,විපාක වශයේන් කොටස් තුනකට වේන් කල හැකි බව අසන්නට ලැබිනි පහදා දේන්න

A / R. “‘වට්ට තුනක් ඇති භව චක්‍ර‍ය නො නැවතී භ්‍ර‍මණය වේ’ යන මෙහි සංස්කාර භව දෙදෙන කම්මවට්ට යැ. ‘අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන කිලෙසවට්ට යැ. විඤ්ඤාණ-නාම-රූප-සළායතන-ඵස්සවෙදනා විපාක වට්ටය යි. මේ තුන් වටක් ඇති මේ භව චක්‍ර‍ය යම්තාක් කෙලෙස්වට නො සිඳේ නම් ඒ තාක් නො සිඳෙන ප්‍ර‍ත්‍යය ඇති හෙයින් නො නැවතී නැවැතැ නැවැතැ පරිවර්‍තනය (භ්‍ර‍මණය) වේ ය යි දතයුතු.”
https://pitaka.lk/books/vishuddhi-margaya/19-33.html

“වෘත්ත තුන
මෙහි වෘත්ත තුනක් ඇත්තේ ය. වෘත්තය යි කියනුයේ නැවත නැවත පෙරළී එන දෙයට ය. මෙහි අවිජ්ජා - තණ්හා - උපාදාන යන අඞ්ග තුන ක්ලේශ වෘත්තය ය. කර්ම භවය - සංස්කාරය කර්ම වෘත්තය ය. උත්පත්ති භවය විඥානය නාමරූපය ෂඩායතනය ඵස්සය වේදනාව ය ජාතිය ජරාමරණය යන මේවා විපාක වෘත්තය ය. ක්ලේශයන් නිසා කර්ම ඇති වේ. කර්ම නිසා විපාක ඇති වේ. විපාකය නිසා නැවත ක්ලේශයන් ඇති වේ. මෙසේ මේ ක්ලේශ කර්ම විපාක යන තුන පෙරළීමෙන් සංසාරය නො සිඳී පවතී.”

“මෙහි අවිද්‍යා තෘෂ්ණා උපාදානයෝ ක්ලේශයෝ ය. කර්මභවය හා සංස්කාරයෝ කර්මයෝ ය. විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා - උපපත්තිභව - ජාති - ජරා - මරණ යන මොවුහු විපාකයෝ ය. නැවත නැවත මතු වී එන්නා වූ ධර්මයන්ට වෘත්තය යි ද කියනු ලැබේ. නැවත නැවත එන්නා වූ අර්ථයෙන් ක්ලේශයෝ ක්ලේශවෘත්ත නම් වෙති. කර්මයෝ කර්ම වෘත්ත නම් වෙති. විපාකයෝ විපාක වෘත්ත නම් වෙති.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll