194. තියෙන්නෙ කොහෙ ද? (V)

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රුපය සකස් වීමට හේතු 4 ක් පවතී. එනම්
01.කර්මය
02.චිත්තය
03.ඍතුව
04.ආහාරය

යමෙකු මරණයට පත් වීමේදී මල සිරුරේ රුපය සදහා උපකාර වන්නේ ඍතුජ රූප පමණි.

ත්‍රිපිටය සිංහල පරිවර්තනයට පවා මුලිකත්වය ගෙන කටයුතු කල, ලොවම පිළිගත් රේරුකානේ ස්වාමින් වහන්සේගේ සමගර කෘතීන් වල සංඥාපනය පවා ලියු බලන්ගොඩ ආනන්ද මෙෙත්‍රී මහ නායක ස්වාමින් වහන්සේ රචනා කරන ලද කෘතියක සදහන් වී තිබුනා. හදිසි මරණයක් සිදු වූ විට ඔහුට කර්මායුෂ තිබේනම් ඔහුහේ කයෙහි ඍතුජ රූපත් ආහාරාජ රූපත් නිරුද්ද වූවත් කර්මජ රූපත් චිත්තජ රූපත් පැවතිය හැකි බව. වස්තු රුපය කර්මජ රුපයක් බැවින් චුතිය පහල නොවී ඒ පුත්ගලයා කර්මයුෂ අවසන් වනතෙක් ජිවත් වන බව. කර්මජ රූපත් චිත්තජ රූපත් සියුම් බැවින් පියවි ඇසට නොපෙනෙන බවත්...

මෙසේ විය හැකිද?

A. උන්වහන්සේ එසේ දේශනා කළේ නම්, එයට හේතු තිබිය යුතුමය; ඒ පිළිබඳව විමසාබැලීමට, හැකි නම්, ප්‍රථමව එම (එකී) සටහන සඳහන් ස්ථානය විශ්වාස කටයුතු ලෙස උන්වහන්සේ දේශිත පරිදිම උපුටා දැක්විය/පෙන්විය හැකිද?

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll