Q. අප බුදුරජාණන් වහන්සේට කර්මය බලපැවැත්වුණු අවස්ථා හා එයට බලපැ හේතු ගැන පැහැදිලි කර දෙන්න පුළුවන්ද?
A / R. “පුබ්බකම්ම පිලෝතික බුද්ධාපදානයෙහි අප බුදු රජාණන් වහන්සේටත් අකුශලකර්ම දොළසක් විපාක දුන් බව වදාරා ඇත්තේ ය.”
“ලොවුතුරා බුදුවන බෝධිසත්ත්ව කෙනකුන් යම් කුශල කර්මයක බලයෙන් මව්කුස පිළිසිඳ ගත්තා නම් ඒ බෝසතාණන් වහන්සේ බුදුව පිරිනිවන් පානා තෙක් උන්වහන්සේ ගේ සන්තානයෙහි ඒ කුශලකර්මයේ විපාක වශයෙන් භවාංග සිත් පරම්පරාවක් ඇති වේ. ඒ භවාංග සිත් සියල්ල ම ප්‍රතිසන්ධිය ගෙන දුන් කර්මයෙන් ම ඇති කරන විපාකයෝ ය. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන මේ සිත් ද කර්ම විපාක වශයෙන් ම ඇති වන සිත් ය. දැකීම ඇසීම ගඳ සුවඳ රස දැනීම ස්පර්ශය දැනීම කෙරෙන්නේ ඒ සිත්වලින් ය. ලොවුතුරා බුදුවරුන්ට කර්ම විපාක වශයෙන් ම ඇති වන භවාංග සිත් හා චක්ඛු විඤ්ඤාණාදි විපාක සිත් ඇති වන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලාට කර්මවිපාක ඇති නො වනවා නම් බුදුවීමෙන් පසු මොහොතකුදු උන්වහන්සේලාට ජීවත් වන්නට නො ලැබෙන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලෝකයෙහි ජීවත් වන්නේ කර්ම විපාක උන්වහන්සේලාට ඇති වන බැවිනි.”