136. කැතයි ද? අවලස්සනයි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බාහිර පෙනුමෙන් අවලස්සන වීමට හේතු / පිළිකම් / පිළියම් මොනවා ද?

A / R“මානවකය, මේ ලෝකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වෙෂය බහුලකොට ඇත්තේ කිපෙන සුළු වේද, සුලු දෙයක් කියන ලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටු බවත් පහළ කෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ, ඒ කර්මය හේතුකොටගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැත්තාවූ, දුකට ස්ථානවූ නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට ස්ථානවූ, නොකැමැත්තෙන් වැටෙන්නාවූ, නිරයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම්, යම් යම් තැනක පසුව උපදීද, ඒ කර්මය හේතුකොටගෙන අවලක්ෂණ වූවෙක් වේ. මානවකය, කිපෙන සුළුවූයේ ද්වෙෂය බහුල කොට ඇත්තේ වේද, ස්වල්ප දෙයක් කියනලදුවත් ගැටේද, කිපේද, විරුද්ධ බවට පැමිණේද, නොසතුටු වේද, කෝපයත්, ද්වෙෂයත්, නොසතුටත් ප්‍රකාශ කෙරේ නම් මේ පැවැත්ම අවලක්ෂණවීම පිණිස පවත්නේය.

“මානවකය, මේ ලොකයෙහි වනාහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ද්වෙෂය බහුලකොට නැත්තේ, නොකිපෙන ස්වභාව ඇත්තේ වේද, බොහෝ දෙයක් කියන ලදුවද නොගැටේද, නොකිපේද, විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටු බවත් පහළ නොකෙරේද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළාවූ මෙසේ සමාදන්වූ ඒ කර්මය හේතුකොට ගෙන ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි උපදියි. ඉදින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍යලෝකයෙහි නූපදී නම්, ඉදින් මිනිසත් බවට පැමිණේ නම් යම් යම් තැනක පසුව උපදීද, ප්‍රසාදය එළවන ලක්ෂණ වූවෙක් වෙයි. මානවකය, නොකිපෙන ස්වභාව ඇත්තේ ද්වෙෂය බහුල කොට නැත්තේ වේද, බොහෝ කොට කියන ලදුවත් නොගැටේද, නොකිපේද විරුද්ධ බවට නොපැමිණේද, නොසතුටට නොපැමිණේද, කෝපයත් ද්වෙෂයත් නොසතුටත් පහළ නොකෙරේ නම් මේ පැවැත්ම ලක්ෂණ වීම පිණිස පවත්නේය."

A. “කාමය වරදවා හැසිරුණ කෙනෙක් අපායේ උප්පත්තිය නොලැබුනොත් (අපායේ ඉපදුනොත් නොයෙක් දුක් විඳලා, තිරිසන් වෙලා බීජෝත්පාටන ආදී දුක් ලබනවා), කාමය වරදවා හැසිරීමේ විපාක හැටියට එයාට නින්දා අපහස දුක් වැඩි වෙනවා, සතුරෝ වැඩි වෙනවා, රෝග වැඩි වෙනවා, තමන් කැමති සහකාරියව/සහකරුවවනොලැබී යනවා, ගැහැණියක් නම් ගැහැණු ආත්ම භාවයෙන් මිදෙන්නේ නෑ, පිරිමියෙක් නං ගැහැණියෙක් වෙනවා, ලිංග විපර්යාස ඇතිවෙනවා ... ආදී නොයෙක් දුක් මෙලොව පරලොව විඳින්න වෙනවා.

එහෙත් (මං නිතරම හැමෝටම කියනවා වගේ) අකුසල් කරපු කෙනෙක්, කළ අකුසල් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල් නිතර නිතර සිහි කරනවා නම්; එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල් වලට ප්‍රතිවිරුද්ධ කුසල් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරනවා නම්; (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා––ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා ආදී සෑම පිනක්/කුසලයක්ම දිවිහිමියෙන් පුරුදු කරනවා නම්, වඩවා නම්, ධාර්මිකව හැසිරෙනවා නම් එයට පුළුවන් තමන් කරපු ඕනෑම අකුසලයක් (“ගරුක කර්ම” හැර) “අහෝසි කර්ම” ගණයට පත්කරන්න හෝ අකුසල්වල විපාක ශක්තිය අඩු කරන්න.

මිනීමරුවෝ, සල්ලාලයෝ, බේබද්දෝ, ගණිකාවෝ ... වගේ සමාජ සම්මත නරක චරිත පවා මාර්ග ඵල පවා ලබා ගත්තේ ඉහත ක්‍රමය නිසා (මෙය එක් ක්‍රමයක් පමණි). මාර්ග ඵල වලින් නං බොහෝ අකුසල්/ අකුසල් විපාක (කුසල් පවා) “අහෝසි කර්ම” ගණයට පත් වෙනවා.

කෙනෙක්ට තියන පෙර පිං, කන බොන දේ, මානසික ශක්තිය, ජාන, පරිසරය, ධර්ම ඥානය, දැනුම, බුද්ධිය ... කියන ප්‍රධාන කාරණා මත එයාට මොන (පෙර/සංසාරේ) අකුසලය කරත් සම්පූර්ණයෙන්ම ජීවිතය වෙනස් කර ගැනීමේ හැකියාව තියනවා.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll