236. දෙවිවරුන්ට පුළුවන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. දෙවිවරුන්ට අපේ ජිවිත වලට බලපම් කර හැකිද?හොද දෙයක් හෝ නරක දෙයක්?
2. දේවාල වල කරන කටයුතු ඇත්තද?

A / R. 1. "නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, පූජා පිළිගන්නාවූ දෙවියෝ යහපත් සිතින්, ’බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි ඔහුට අනුග්‍රහ කෙරෙත්. මහානාමය, දේවතාවන් විසින් අනුග්‍රහ කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි."

A / R. "දෙවියෝ ද යම් යම් ආකාරවලින් නොයෙක් විට මිනිසුන්ට උපකාර කරන සත්ත්ව කොට්ඨාසයෙකි. කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ඔවුනට කළ හැකි සංග්‍ර‍හයක් කිරීම මිනිසුන්ගේ යුතු කමෙකි. දෙවියන්ට සංග්‍ර‍හයක් වශයෙන් මිනිසුන්ට කළ හැකි දෙය නම් තමන් කරන පින් ඔවුනට ද අනුමෝදන් කරවීමය. පින් අනුමෝදන් කරවන මිනිසුන්ට විශේෂයේ දෙවියෝ අනුකම්පා කරති. දේවතානුකම්පාව ලැබීම මනුෂ්‍යයාගේ යහපතට දියුණුවට බලවත් හේතුවකි. දේවතානුකම්පාව ලැබීම පිණිස ද කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් ද පින් කළ සෑම අවස්ථාවක දී ම දෙවියන්ට ද පින් අනුමෝදන් කරවිය යුතු ය."

A / R. "පින් කරන්නාවූ, සිල්වත්වූ, උපාසක ගුණයෙහි පිහිටියාවූ, යම් ගෘහස්ථකෙනෙක් දැහැමින් අඹුදරුවන් රකිත්ද, එම්බා මාතලිය, මම ඔවුන් වඳිමි.’’

A. 2. කියවන්න - "අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා" - ගලිගමුවේ ඥාණදීප හිමි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll