385. “වැදි බණ” ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "වැදි බන" කියන්නේ මොනවාට ද?

A / R. “වැදි බණ” යන පාඨය සමාජගතවීමේ එක් ප්‍රධාන මූලයක් ලෙස පහත ලෝකෝපකාරයේ පද්‍ය ද ගෙනහැර දැක්විය හැක.
“ඔවා දෙනු පර හට
තමා සම්මතයේ පිහිටා සිට
දුසිරිත් දනන් දෙන
ඕවා වැද්දන් කියන බණ වැනි”

“වැද්දා” යන පදය “ආදිවාසියා” හැඳින්වීමට මෙන් ම “දුදනා (දුර්ජනයා)” යන අරුතින් ද, “බණ” යන පදය “ධර්ම දේශන(ය)” හැඳින්වීමට මෙන් ම “කීම/කීම් (කටවචන(ය))” යන අරුතින් ද යෙදෙන්න බව කිවයුතුය.

අවවාද, අනුශාසනා, උපදෙස් ආදිය ලබා දෙන්නෙකු විසින් මූලිකව ම ඒවා පිළිපැදිය යුතු බවක් හා සමාජ සම්මතයේ මැනවින් පිහිටා සිටිය යුතු බවක් හා එසේ නොවන්නේ නම් ඒවා “වැදි බණ” (දුසිරිත් සිතමින්/කියමින්/කරමින් ම දෙන ඔවදන්) බව ඉන් ගම්‍ය වේ.

[“වැදි බණ” = දුසිරිත් සිතමින්/කියමින්/කරමින් ම දෙන අවවාද, අනුශාසනා, උපදෙස්, ඔවදන් ...]

එහෙත්/එමෙන් ම “අවවාදයට >වඩා< ආදර්ශය උතුම්” යැයි කීමෙන් “අවවාදය” ද උතුම් යැයි සැලකිය යුතුය.

{https://pitaka.lk/main?n=38150}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll