302. ආස්වාදයක් ඇත්තෙ ම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. එක්තරා භික්ෂුවක් තවත් කෙනෙකුට පන්ච කාමයන්ගේ ආස්වාදයක් නැතැයි කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ එම භික්ෂුවට දොස් කියනවා තථාගතයන් වහන්සේ කොහෙද පන්ච කාමයන්ගේ ආස්වාදයක් නැතැයි කියල කියල තියෙන්නෙ කියල. උන්වහන්සේ දේශනා කරනවා සත්වයා සසරට බැඳෙන්නෙ පන්ච කාමයන්ගේ ආස්වාදයක් තියෙන නිසයි කියලා. කාටහරි ඒ සූත්‍රය මතක තියනවනම් කියන්න පුලුවන් නම් බොහොම පින්.

A / R. "මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආශ්වාදයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි රූපයන්ගේ ආශ්වාදයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ ආදීනවයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්හි නොකළකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකිනුත් රූපයන්ගේ ආදීනවයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන්හි කළකිරෙත්. මහණෙනි, ඉදින් මේ රූපයන්ගේ නිස්සරණයක් නැත්තේ නම්, සත්ත්‍වයෝ මේ රූපයන්ගෙන් නොමිදෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් රූපයන්ගේ නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්‍වයෝ රූපයන් කෙරෙන් මිදෙන්නාහුය."

https://pitaka.lk/main?n=241036

{https://pitaka.lk/?node=241034&coll=cs,aps
....
https://pitaka.lk/?node=241037&coll=cs,aps}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll