392. "වහෙන් ඔරෝ" (ඔහෙන් වරෝ)?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සමහර අවස්ථාවලදී අප පවසන යමක් වචනාර්ථයෙන් සත්‍ය වන නමුත් අසන්නාගේ ප්‍රශ්නයට අනුව නිවැරදි පිළිතුර නොවිය හැක. එය අපද දන්නේ නම් එවැනි දෙයක් පැවසීමෙන් අපට පවක් සිදුවේද?

A. ඔබ (යමෙක්) එසේ පැවසීමට සැලසුම් කරන්නේ (වෙහෙසෙන්නේ) හා/හෝ, එසේ පවසන්නේ හා/හෝ, පැවසීමෙන් පසු අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න [අරමුණ – තමා ම හුවා දැක්වීම, කෙනෙකු/පිරිසක් ඥානනය කිරීම, තමා නොදැනුවත්ව ම තම සිතේ යෙදෙන සිත් (චිත්ත) හා සිතුවිලි (චෛතසික) ... ආදිය] මත කුසල් / අකුසල්, පින් /පව් තීරණය වේ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll