779. ඉදිකටු පූජා කිරීමේ ආනිසංස මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඉදිකටු පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද ...? තෙරුවන් සරණයි!

A. “ඉදිකටු පූජාවේ ආනිසංස
සුවිදායක හිමි විපස්සී බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිනින් හත් වරක් සක්විති රජවිය.
(94 වන අපදානය)

පිළින්‍දිවච්ඡ අපදානයට අනුව මේ විපාක ලැබෙන්නා හ.
කුකුස් සිඳලීමේ ශක්තිය ලැබේ. සැක නැත්තෙකු වේ.
විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
බොහෝ භෝග සම්පත් ලැබේ.
තීක්‍ෂණ නුවණක් ලැබේ.
ගැඹුරු වු සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේ ය.”

https://pitaka.lk/books/karma-vipaka/8-8.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll