568. 'ජාත සෝතාපන්න' යනු කවරෙක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ජාති සෝතාපන්න පුද්ගලයා කියනේ කවිද?
ජාති සෝතාපන්න පුද්ගලයින් සිටින්නේ කොහේද?
පිංවත් දරුවෙකු ප්‍රාර්තනා කරන ඒ සදහා කටයුතු කරන කෙනෙක් විදියට ජාතිසෝතාපන්න කෙනෙක් ප්‍රාර්තනා කරන්න පුලුවන්ද?
ඒ සදහා කුමක්ද කල යුත්තේ?

A. සෝවහන් වූ උතුම් පුද්ගලයකු මියගොස්, නැවත ඉපදීමේ දී ඔහුට/ඇයට "ජාත සෝතාපන්න" (ජාති සෝතාපන්න) කියනුයේ, ඒ පුඟුලා "උප්පත්තියෙන් ම සෝතාපන්න" නිසාවෙනි.

{“මිනිස් ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත් ව පිරිනිවන් පාන්නාහු ද වෙති.” - සෝවාන් පුද්ගලයාගේ ප්‍රභේද - https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-12-3.html}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll