08. ගිරිභණ්ඩ පූජාව යනු කුමක්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ගිරිභණ්ඩ පූජාව යනු කුමක්ද?

A. මෙහි වචනාර්ථය පමණක් ම විමසීමෙන් වුවද ඔබට සම්පූර්ණ අදහසක් මතුකර ගත හැක. ගිරිභණ්ඩ = ගිරි+භණ්ඩ; ගිරි = කන්ද + භණ්ඩ = භාණ්ඩ (ද්‍රව්‍ය).

එබැවින්, අනුග්‍රහය / දානය පිණිස පූජා කරනු ලබන නොයෙක් ආකාරයේ මහත්, කුඩා, අනුකුඩා අවශ්‍ය දානමය වසතූන් විශාල ප්‍රමාණයක් ( = “කන්දක්” ) පූජා කිරීමේ විචිත්‍රවත් මහා පූජෝත්සවයකි.

"ගිරිභණ්ඩමහාපූජායාති චෙතියගිරිම්හි සකලලඞ්කාදීපෙ යොජනප්පමාණෙ සමුද්දෙ ච නාවාසඞ්ඝාටාදිකෙ ඨපෙත්වා දීපපුප්ඵගන්ධාදීහි කරියමානාය මහාපූජාය."

"මේ තෙරුන්වහන්සේට චෙතිය පර්වතයේ ගිරි භාණ්ඩ මහා පූජාවේ දන්දෙන තැනට ගොස් මේ දානයෙහි වටිනාම භාණ්ඩය කුමක්දැයි ඇසීය.
අයමෙව පන ථෙරො චෙතියපබ‍්බතෙ ගිරිභණ‍්ඩමහාපූජාය දානට‍්ඨානං ගන‍්ත්‍වා ඉමස‍්මිං ඨානෙ කිං වරභණ‍්ඩන‍්ති පුච‍්ඡි."

"එහි ස්ත්‍රීරූපයාගේ මැඬගැනීමේ බලය දැක්වීමේ කථාවස්තුවයි, මෙය: මහදැළියා මානා රජතෙමේ වනාහි සෑගිරියෙහි අඹතලෙහි මහාස්තූපයක් කරවා ගිරිභණ්ඩවාහන නම් පූජාවක් කරවා කලින්කලට අතැවුර පිරිවරනලද්දේ සෑගිරියට ගොස් බික්සඟනට මහදන් දෙයි.
තත්‍රිදං ඉත්‍ථිරූපස‍්ස පරියාදානානුභාවෙ වත්‍ථු – මහාදාඨිකනාගරාජා කිර චෙතියගිරිම‍්හි අම‍්බත්‍ථලෙ මහාථූපං කාරාපෙත්‍වා ගිරිභණ‍්ඩපූජං නාම කත්‍වා කාලෙන කාලං ඔරොධගණපරිවුතො චෙතියගිරිං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං දෙති."
ගිරිභණ්ඩ මහා පූජාව ප්‍රථම වරට සිදුකරන ලද්දේ, මහාධාඨික මහානාග (ක්‍රි.ව. 07-19) මහරජු විසින් “සේල චෛත්‍ය” භික්ෂූන්වහන්සේලා උදෙසා පූජා කරන අවස්ථාවේදී බව (පහත ඉංග්‍රීසි උපුටනය තුළ ද) මෙහි මූලෝත්පත්තිය හා ඉතිහාසය දැක්වේ.

“In the reign of great king Mahadathika Mahanaaga built Mihinthala Maha Chethiya (Sela Ceitiya) & offered to the Maha Sanga with a great pooja. In that pooja the coastal sea around Sri Lanka was lit by lamp, offered Dansal at four main gates in the capital city, freed prisoners, stacked a mountain of pirikara (gift) & offered to maha sanga. This is the history of the pooja, known as “Giri Bhanda Pooja”.

King Mahadathika Mahanaaga who built the Sela Ceitiya in Mihinthala consecrated it to the bhikkhus and conducted the Giribhanda pooja.” 

"චෙතියපබ්බත = චෙතියගිරි = Also called Cetiyagiri. The later name of the Missaka mountain given on account of its many shrines; Name of a mountain in Ceylon, present Mihintale."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll