249. මානසික පීඩනය (ස්ට්‍රෙස් එක) ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q.  මානසික පීඩනය / මානසික අවපීඩනය අඩුකිරීමට කළයුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය කුමක්ද?

[මෙය ද කියවන්න!]

A / R. කොතරම් කාර්ය බහුල වුවත් ...

1. (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න. එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) දිගුව සෙමින් හුස්මක් ගෙන, එසේම දිගුව හා සෙමින් පිටකරන්න. හුස්ම ගැනීමේදී නාසයෙන් ද පිටකිරීමේ දී මුඛයෙන් ද ලෙස කිහිපවිටක් (හෝ අවශ්‍ය තරම්) නිදහසේ කරන්න. (හුස්ම ගැනීමේදී හුස්ම හිස් මුදුනේ සිට දෙපතුළ දක්වා කය පුරා ගොස්, හුස්ම පිට කිරීමේ දී සිත කය දෙකෙහි ඇති පීඩනය පිටවන හුස්මත් සමඟ ම සිතින් කයෙන් බැහැර වන බව පරිකල්පනය (imagine) කිරීමට හැකිනම් වඩා වටී.)

හෝ/හා

2. (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න. එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) තමාගේ සිතට එන යන සිතුවිලි දිහා නිදසේ බලා සිටින්න. කුමන සිතුවිල්ලක් පැමිණියද එය පැවැත්වීමට හෝ නැවත්වීමට හෝ අතහැරීමට නොයන්න. සිතුවිලි සමඟ පොර බැදීමෙන් ද වළකින්න. සිතුවිලි වලට නිදහසේ ගලා යාමට දී ඔබ ඒ දෙස (ගඟක් දෙස බලා සිටින්නාක් මෙන්) බලා සිටින්න.

හෝ/හා

3. … එසේ සිතුවිලි දෙස බලා සිටියාක් මෙන් කයට සවන් දෙන්න (Body Listening).

හෝ/හා

4. කෙටි වෙලාවක් හෝ කුමක් හෝ ඔබට ප්‍රිය භාවනාවක් කරන්න.

(ප්‍රමාණවත් නින්ද, සෞඛ්‍ය සම්පන්න ආහාර, සෞඛ්‍ය සම්පන්න ඉරියව් හා පුරුදු, මනස ඉහිල්වන කලා කෘතීන් (විදග්ධ සුමධුර ගීත/නාට්‍ය/ගද්‍ය/පද්‍ය, හාස්‍ය රසය ...), පරිසරය, ජාන, කර්මය, ආශ්‍රය .... ආදී බොහෝ දේ ද මානසික පීඩනය කෙරෙහි (සුබ/අසුබ ලෙස) බලපාන බව කිව යුතුය.)

හෝ/හා

5. පහත සබැඳීවලින් පිවිස (අඩුම තරමින් එහි සඳහන් සූත්‍ර පමණක් වත්) අධ්‍යනය කොට දැනුවත් වී ප්‍රායෝගික වෙන්න.
https://polgollekusaladhamma.blogspot.com/2013/05/buddhist-teaching-for-stress-management.html
(https://polgollekusaladhamma.blogspot.com/2013/07/the-buddhit-counseling-psychology.html)

[Thanks to Modern/Western Psychology and Buddhist Psychology.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll