811. මේ විඤ්ඤාණය ඊළඟ භවයට යනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි නැවත උප්පත්තියක් ලබද්දි මේ විඤ්ඤාණය ම ඊට සුදුසු කයක් ගන්නවා නේද.... නැතුව මේ විඤ්ඤාණය නැති වෙලා කර්මානුරූපීව නව විඤ්ඤාණයක් එක්ක උපදින් නෑ නේද....

A. දහමේ හොද උදාහරනයක් තියනවා. ⁣දැල් වෙමින් පවතින පහන්ක් හා නොදැල්වුන පහනක් ගන්න කියනවා. ඉන් පස්සේ දැල්වුන පහන ⁣නොදැල්වි තියන පහනේ තිරයට ලන් කරන්න ඒ වෙලාවෙදි ඔබට පෙනේවි මේ පහන අර පහනේ දැල්ල ගත්තා වගේ. ඔය කතාකරන් පලයට පලය කතාකරන නිසා මෙතන තියෙන්නේ හේතු ඵල දහමක්. කොහොමද ඒක වෙන්නේ එහෙනම් මෙන්න මෙහෙමයි. දැල්වු පහන නොදැල්වු පහනට ලං කරලා ඔබ ඔය කලේ අර නොදැල්වුන පහන් තිරයේ තාපාංකය වැඩි කළ එකයි, එතනදි එතන තාපාංකය වැඩි විම නිසා එතන ගින්නක් හට ගන්නවා. අප බලපුවහම පෙනේවි මේ පහනෙන් අර පහන දැල්වුවා වගේ. දැල්වු පහනෙන් ගත්තාත් නෙවෙයි හැබැයි ඒක උපකාරි උනා නොදැල්වුන පහන දල්වන්න. මෙන්න මේ වගේ ධර්ම තාවයක් තමයි ඔය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll