857. අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මට ගැටලුවක් - අතිපරිත්තාරම්මණ, පරිත්තාරම්මණ, මහත්තාරම්මණ, අතිමහත්තාරම්මණ යැයි හදුන්වන්නේ මොනවාද??? කරුණාවෙන් පහදා දෙන්න.

A. “අතිමහන්තාරම්මණය, මහන්තාරම්මණය, පරිත්තාරම්මණය, අතිපරිත්තාරම්මණය” යි පඤ්චද්වාරයට ගොදුරු වන අරමුණු සතර ආකාර වේ. විභූතාරම්මණය, අවිභූතාරම්මණය කියා මනෝද්වාරයට ගොදුරු වන අරමුණු දෙකොටසකි. මෙසේ ෂට් ද්වාරයට ගොදුරු වන අරමුණු සයාකාර වේ.

විශාලත්වය නිසා හෝ ආලෝකය හොඳින් ඇති බව නිසා හෝ සමීපයෙහි තිබීම නිසා හෝ ඉතා ම ප්‍ර‍කට අරමුණ අතිමහන්ත නම් වේ. අතිමහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ මහන්ත නම් වේ. මහන්තාරම්මණය තරමට ප්‍ර‍කට නැති අරමුණ පරිත්ත නම් වේ. අප්‍ර‍කට අරමුණ අතිපරිත්ත නම් වේ.

රූපය එහි උත්පාදක්ෂණයේ දී ද්වාරයන්හි නො ගැටෙන්නේ ය. ද්වාරයන්හි ගැටෙන්නේ ස්ථිතියට පැමිණි රූපය ය. ඉපිද එක් චිත්තක්ෂණයක් (කුඩා ක්ෂණ තුනක්) ඉක්ම දෙවන චිත්තක්ෂණයෙහි ද්වාරයන්හි ගැටෙන අරමුණ අතිමහන්තාරම්මණය ය. චිත්තක්ෂණ දෙක තුනක් ම ඉක්ම ද්වාරයන්හි ගැටෙන අරමුණ මහන්ත නම් වේ. චිත්තක්ෂණ සතර පහ සය සත අට නවය ඉක්ම ද්වාරයෙහි ගැටෙන අරමුණු පරිත්ත නම් වේ. චිත්තක්ෂණ දශයේ පටන් පසළොස දක්වා ඉක්ම ද්වාරයෙහි ගැටෙන ආරම්මණය අතිපරිත්ත නම් වේ.

අතිමහන්තාරම්මණයෙහි වීථි සිත් බොහෝ ගණනක් උපදී. මහන්තාරම්මණයෙහි එයට අඩු ගණනක් ද පරිත්තාරම්මණයෙහි ඊට අඩු ගණනක් ද, වීථි සිත් උපදී. අතිපරිත්තාරම්මණයෙහි භවාඞ්ග චලනය පමණක් වේ. වීථි සිත් නූපදී.” >>>

https://pitaka.lk/books/abhidharma-margaya/5-3.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll