470. චූල දාන හා මහා දාන?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි සාංඝික දානයක් දෙන්නෙ කෙනෙක් මැරුනම විතරයි. ඒ දෙන්නෙත් සමහරු (බන කියල දානෙ දෙන්ඩ ලක්ෂයක්වත් යනව) හතර අතේ නයවෙල. ඇත්තටම බෞද්ධ අපි යන මාර්ගය වැරදියි නේද. අපෙ උපන්දිනේකට, ගෙට ගෙවදිමට, ලමයගෙ උපන්දිනේට, වාහනයක් ගත්තම වගේ නොයෙක් වෙලාවන්වලදි අපි සාංඝික දානයක් දෙන්න ඔින නේද. බනක් දේශනාකගන්න, පිරිතක් කියවන්න ඔින නේද. ඒත් ඇයි මෙි තමන්ට හැකි ආකාරයට මිස ලොකු උත්සවයක්වගෙ දානයක් දෙන්ඩ සුදානමි වෙන්න ඔින කියල හිතන්නෙ. මස්, මාලු, කිරි, බිත්තර, අයිස් ක්‍රමි, සැලඩ්, ජෙලි පලතුරු වර්ග 10ක් පමන, ව්‍යාන්ජන 15ක් පමන. ඇත්තටම මෙි තරමි නැතිව ගෙවත්තෙ තියෙන පලතුරු, එලවලු, අල බතල එක්ක රසට ගුනට දානය පිලිගන්වන්න පුලුවන් නේද. පංසල හා සමාජය අතර පවතින පරතරය එන්න එන්නම වැඩිවෙන බව පෙනෙන නිසාත් සටහන් කිරිමට නො⁣හැකිව ඇති හේතුත් තව තිබෙන නිසා මෙය පලකලෙ.

A / R. https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-12.html


[පොහොසතුන්ගේ හා දුප්පතුන්ගේ දාන.

“අප්පස්මෙකෙ පවෙච්ඡන්ති - බහුනෙකෙ න දිච්ඡරෙ
අප්පස්මා දක්ඛිණා දින්නා - සහස්සෙන සමං මිතා”

ඇතැමෙක් තමාට ස්වල්ප දෙයක් ඇතුව සිට එයින් දන් දෙති. ඇතමෙක් බොහෝ වස්තුව ඇතුව ද එයින් දන් නො දෙති. යමෙක් තමාට ඇත්තා වූ ස්වල්ප වස්තුවෙන් දන් දේ නම් දුප්පතාගේ ඒ මඳ දීමනාව පොහොසතකුගේ දහසක් දීම හා සමය යනු මෙහි අදහසයි. මෙයින් දුප්පතකු විසින් දෙන රුපියලක් වටිනා දානය පොහොසතකුගේ දහසක් වටිනා දානයට සමවන බවත්, දුප්පතා එක් භික්ෂුවකට දෙන දානය පොහොසතකු විසින් භික්ෂූන් දහසකට දෙන දානය හා සමාන බව ද ප්‍ර‍කාශිත ය. ඇතැම්හු දුප්පත් නිසා අපට නො දිය හැකි යයි දීමට පසුබට වෙති. එය අනුවණ කමකි. තමාට ඇති සැටියට බත් සැන්දක් වුවත් දිය යුතු ය. දුප්පතාට එය මහා දානයෙකි. “අසය්හ” සිටාණන් දන් දෙන තැනට යන දුගී මගී යාචකාදීන්ට දකුණු අත දිගු කොට මඟ පෙන්වූ දුප්පත් මිනිසෙක් ඒ පිනෙන දකුණතින් සියල්ල වෑස්සෙන ආනුභාවයක් ඇති දෙවියෙක් විය. මඟ පෙන්වූ පිනෙන් ම එපමණ ඵලයක් වූ කල්හි ස්වල්පයක් මුත් දෙන තැනැත්තකුට කොපමණ මහත් ඵලයක් ලැබිය යුතු ද? දුප්පත් යයි සිතා පසුබට නොවී ස්වල්පයක් වුවත් දීමට පින් කැමතියන් පුරුදු කර ගත යුතුය]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll