964. කළ පව්-අකුසල් ගැන පසුතැවෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පසුතැවිල්ලකට ධර්මානුකූල විසඳුම කුමක් ද?

A. ඕනෑම පසුතැවිල්ලකට ධර්මානුකූල විසඳුම නම්:

[පසුතැවීමෙන් අතීතයේ කළ පව් / අකුසල් / වැරදි වඩා බලවත් වී බරපලත වන බව අපි දනිමු. (එබැවින්, වරදක් වූ / කළ සත්ත්වයන් විශ්වයේ කොහේ සිටියත්, ...)]

1. තමා පවක් (වරදක් / අකුසලයක්) කළ අයගෙන් (සත්ත්වයන්ගෙන්) අවංකව ම මුළු සිතින් (හදවතින්) සමාව ගැනීමට හෝ/හා තමාට පවක් (වරදක් / අකුසලයක්) කළ අයට (සත්ත්වයන්ට) සමාව දීමට නිහතමානී විය යුතුය.

2. තමා පවක් (වරදක් / අකුසලයක්) කළ අය (සත්ත්වයන්) හෝ/හා තමාට පවක් (වරදක් / අකුසලයක්) කළ අය (සත්ත්වයන්) අරමුණු කොට මෙත් සිත පැතිරවීම / මෙත් වැඩීම / මෛත්‍රී භාවනාව වැනි “සමථ භාවනා”වක් කළ හැකි ය. 

3. තමා පවක් (වරදක් / අකුසලයක්) කළ අයගෙ (සත්ත්වයන්ගෙ) හෝ/හා තමාට පවක් (වරදක් / අකුසලයක්) කළ අයගේ (සත්ත්වයගේ) නාම-රූප අතීත / වර්තමාන / අනාගත වශයෙන් ගෙන අනිත්‍ය - දුක්ඛ - අනාත්ම ලක්ෂණයන්ට නඟා, “විදර්ශනා භාවනා” කළ හැකිය.

# කළ / වූ වරද නැවත දිවි හිමියෙන් නොකිරීමට දැඩිව ඉටා ගැනීම / වගබලා ගැනීම ද ඉතා වටනේ ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll