376. රාග ප්‍රහීන භාවනා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ද්වේශය යටපත් කිරීමට මෛත්‍රිය වැඩිය යුතු බව දනිමි. ලෝභය යටපත් කිරීමට කුමක් වැඩිය යුතුද?

A / R. “මහණෙනි, යම්සේ අසුභනිමිත්තක් (රාගය තුනී කරණ අරමුණක්) නිසා නූපන් කාමච්ඡන්දය (පඤ්චකාමයන් කෙරෙහි ආසාව) හෝ නූපදී ද, උපන් කාමච්ඡන්දය හෝ විනාසයට යේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි අසුභ නිමිත්ත නුවණින් මෙනෙහිකරන්නා තුළ (පෙර) නූපන් කාමච්ඡන්දයත් නූපදන්නේය, උපන් කාමච්ඡන්දයත් විනාසයට යන්නේය.”
https://pitaka.lk/main?n=26110&p=16

{“මහණෙනි, යම් සුභ නිමිත්තක් (රාගය ඇති කරණ අරමුණක්) නිසා නූපන් කාම ආශාව උපදීද, උපන්නාවූ කාම ආශාව නැවත නැවත ඉපදීම හා විශාලලෙස රැස්වීම වන්නේද, මහණෙනි, එබඳුවූ අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, රාගය ඇතිකරණ අරමුණ අනුවණින් වැරදිලෙස මෙණෙහි කරන්නා තුළ නූපන් කාමආශාවක් උපදී, උපන්නාවූ කාමආශාවෙහි බහුලභාවය හා විශාල භාවයත් ඇතිවන්නේය.”
https://pitaka.lk/main?n=26110&p=11}

A / R. "තෙන ච පන, භික්ඛවෙ, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි (උත්තරිං (සී. ස්‍යා. පී.)) භාවෙතබ්බා - අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්‍යාපාදස්ස පහානාය, ආනාපානස්සති (ආනාපානසති (සී. පී.)) භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො, භික්ඛවෙ, අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති දිට්ඨෙව ධම්මෙ නිබ්බාන’’න්ති .

මහණෙනි, ඒ භික්‍ෂුව විසින් මුලින් කියන ලද පඤ්ච ධර්මයන්හි පිහිටා තව ධර්ම සතරක් වැඩිය යුතුය, එනම් රාගය නැතිකිරීමට අසුභය වැඩිය යුතුය. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතුය. විතක්කය නැතිකිරීමට ආනාපානසතිය වැඩිය යුතුය. මමය යන හැඟීම නැතිකිරීමට අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය. මහණෙනි, අනිච්චසඤ්ඤාව ඇති භික්‍ෂුවට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්තසඤ්ඤාව ඇත්තේ මේ අත්බවම නිවණයයි කියන ලද මමය යන හැඟීම නැති කිරීමට පමුණුවයි.’’

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll