71. නිර්වින්දනය - සිහිනැතිකිරීම ...?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නිර්වින්දනය කරහම දැනෙන්නැත්තෙ ඇයි?

A.  නිර්වින්දය මඟින් අදාළ ස්ථානය/ඉන්ද්‍රිය/පංචේන්ද්‍රියන් මඟින් තාවකාලිකව මනසත් සමඟ පවතින සන්නිවේදනයේ විසන්ධි කිරීමක් නොහොත් ‘පන්චද්වාරාවර්ජන සිත්’ ඇති වීම නවතා දැමීමක් සිදුකරයි. එවිට ‘මනොද්වාරාවර්ජන සිත්’ ඇතිවීම හැරෙන්නට සිත මුළුමණින්ම භවාංග වේ, එනම් භවාංග සිත් පරම්පරාව පමණක්ම ඉපදෙමින් පවතී.

සිත එසේ ‘මනොද්වාරාවර්ජන සිත්’ නැවතීමක් සිදු නොවන බැවින්, සිතේ යම් යම් නිමිති ඇති විය හැක; එබැවින් පූර්ණ නිර්වින්දනයකදී සිටින/මියයන කෙනෙකුගේ සිතට පවා කර්මය/කර්ම නිමිත්ත/ගති නිමිත්ත වන නිමිති පවා එළඹ සිටිය හැක.

මෙය ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට, ‘පන්චද්වාරාවර්ජන සිත්’ ඇති නොවීම ‘නින්ද’ ලෙසත්, ‘මනොද්වාරාවර්ජන සිත්’ ඇතිවීම ‘හීන දැකීම’ ලෙසත් සිතන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll