A. ප්‍රථමයෙන් ම සඳහන් කළයුතුවන්නේ, මාරයා හා යමරජු කියන්නේ, ඇතැම් උගත් වියතුන් කියනා පරිදි ඒවා සංකල්ප රුප, කෙලෙස් පමණක් හෝ හෝ සුරංගනා කතා නොවන බවය. මාරයා, මාර දුවණියන්, මාර සේනාව, අපාය, යමරජු ආදිය ගැන ධර්මයේ නොයෙක් තැන්වල නොයෙක් අකාරයෙන් සමාන කරුණු සඳහන් වේ.
මාරධීතු (නොහොත් ධීතරො) සූත්‍රය - මාරධීතුසුත්තං - https://pitaka.lk/main?n=211328&p=161 - "එකල්හි මරහුගේ දූ වූ, තණහාද, අරතිද, රගාද, යන තිදෙන පාපී මාරයා යම් තැනෙකද එතැනට පැමිණියහ. පැමිණ පාපී මාරයාට ගාථායෙකින් (මෙසේ) කීය."
මාර සංයුත්තය - මාරසංයුත්තං - https://pitaka.lk/main?n=21130
“මාරයා” (3. දේවපුත්ත මාර) යනුවෙන් අපට දැනෙන පුද්ගලයාට එහා ගිය මාරයන් කිහිපදෙනෙකි (ඔහු ද එක් මාරයෙකි). ඉන් එක් වර්ගීකරණයකට අනුව මාරයන් පස් දෙනෙකි (පංච මාර / පස් මරුන්.)
1. ස්කන්ධ/ඛන්ධ මාර - පංච උපාදානස්කන්ධය.
2. අභිසංස්කාර/අභිසංඛාර මාර – පිං-පව් / කුසල්-අකුසල්- / පුඤ්ඤාභි- අපුඤ්ඤාභි-ආනෙඤ්ජාභි සංඛාර.
3. දේව පුත්‍ර/දේවපුත්ත - “මාරයා” යනුවෙන් අපි හදුන්වන පුද්ගලයා.
4. මෘත්‍යු/මච්චු මාර - මරණය.
5. ක්ලේශ/කිලේස මාර - 1500ක් වූ කෙලෙස්.
තවත් ආකාරයක වර්ගීකරණයකට අනුව “දස මරුන්” (දස බිම්බර මාර සෙනඟ) දක්වා තිබේ.
පළමුවෙනි සෙනාව වස්තුකාමයන්හි ක්ලෙශකාමය යි.
දෙවැන්න යහපතෙහි නොඇලීමය යි.
තුන්වැන්න බඩගින්න හා පිපාසය යි.
සතරවැන්න සෙවීම් සංඛ්‍යාත තණ්හාව යි.
පස්වැන්න සිත කය දෙකේ නිදිබර ගතිය යි.
සවැන්න බිය යි.
සත් වැන්න සැකය යි.
අටවැන්න ගුණමකුකම හා තදගතිය යි.
නවවැන්න ලාභය, ගුණකීම, සත්කාරය, බොරුවෙන් ලත් යසස යි.
දසවැන්න තමා උසස් කිරීමද, අනුන් ගැරහීමද වේ.
{කාමා තෙ පඨමා සෙනා, දුතියා අරති වුච්චති;
තතියා ඛුප්පිපාසා තෙ, චතුත්ථී තණ්හා පවුච්චති.
පඤ්චමං (පඤ්චමී (සී. පී.)) ථිනමිද්ධං තෙ, ඡට්ඨා භීරූ පවුච්චති;
සත්තමී විචිකිච්ඡා තෙ, මක්ඛො ථම්භො තෙ අට්ඨමො.
ලාභො සිලොකො සක්කාරො, මිච්ඡාලද්ධො ච යො යසො;
යො චත්තානං සමුක්කංසෙ, පරෙ ච අවජානති.
යම රජු යනු අපායට/නරකයට අධිපති රජු වන අතර ඔහු පිළිබඳව හා අපාය ගැනද දැනුමක් ලබා ගැනීමට “දේවදූත සූත්‍රය” කියවන්න. (පහත සම්බැඳිය භාවිතා කරන්න.)
එහෙත් මෙහිදී අවශ්‍යයෙන්ම සඳහන් කළ යුතු කරුණක් ද ඇත, එනම් අපායේ දී "යමරජු" කොතරම් සාධාරණ වුවද; ගුණ ධර්ම වඩන හා සසරින් එතෙර වන්නට වැර දරන අයට "මාරයා"ගෙන් නොයෙක් ආකාරයේ හා නොයෙක් ප්‍රමාණයේ කරදර බාධා ඇත. සිදුහත් බෝසතුන්ට, රහත් තෙර වරුන්ට/තෙරණියන්ට පවා හා ඇතම් පුද්ගලයන්ට/අවස්ථාවන්ට මාරයාගෙන් වූ කරදර බාධා ගැන ත්‍රිපිටකයේ නොයෙක් තැනවල සඳහන්ව ඇත.
යම රජු (රජවරු සතර දෙනා), චාතුර්මහාරාජිකයට අයත් වේමානික (විමාන) ප්‍රේත රජෙක් බවත්, අවීචියට (මහා නරකයට) අධිපතිව කටයුතු කරන බවත් පහත* කරුණුවලින් ගම්‍ය කරගත හැක.
["තත්ථ වෙපචිත්ති පහාරාදාදයො අසුරා තාව තිංසෙසු දෙවෙසු සඞ්ගහිතා. විනිපාතිකාසුරා චාතුමහාරාජිකදෙවෙසු. තථා වෙමානිකපෙතාසුරා. තෙපි හි විනිපාතිකාසුරා විය තිහෙතුකාපි දුහෙතුකාපි අහෙතුකාපි හොන්තීති අට්ඨකථාසු වුත්තා. යමරාජානො පන වෙස්සභූ නොත්තිච පෙත්ති රාජා සොමො යමො වෙස්සවණොච රාජාති එවං කථා වත්ථුපාළියං ආගතා වෙස්සභූආදයො සයං මහිද්ධිකා මහානුභාවා වෙමානිකපෙතරාජානො හුත්වාපි නෙරයිකෙසු සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච හෙට්ඨා නිරයලොකෙසුපි රජ්ජං කාරෙන්තියෙව. තෙනෙව හි සබ්බෙ පෙතලොකාපි නිරයලොකාපි යමලො කාතිච යමවිසයාතිච වුච්චන්තීති. යෙච චාතුමහාරාජිකපරි යාපන්නා පාපජ්ඣාසයා කුරුරකම්මකාරිනො රෙවතිවිමානෙ යක්ඛාති ආගතා සංකිච්චජාතකෙ රක්ඛසාති ආගතා යක්ඛරක්ඛසානාම ඉතො ගන්ත්වා උස්සදනිරයෙසු නෙරයිකානං නානාකම්ම කාරණායො කරොන්තො විචරන්ති. තෙසංපි කාලො උපකාලොති එවමාදීහි නාමෙහි නාරදජාතකෙ ආගතානං නිරය පාලානං උපරියමරාජානං ආණාපවත්තතියෙවාති. ලොකන්තරිකා සුරා නිරයෙ සඞ්ගහිතා. ඉධ පන කාලකඤ්චිකාදයො පෙතාසුරාව අධිප්පෙතා. තෙසං අසුරානං කායො සමූහොති අසුරකායො. එත්ථච නිරයභූමිනාම පච්චෙකං සොළසුස්සදපරි වාරානං අට්ඨන්නං මහානිරයානං වසෙන අන්තො පථවියං ඨිතාති වෙදිතබ්බා. අරඤ්ඤ පබ්බත සමුද්ද දීපකාදීසුපි නානානිරය භූමියො හොන්තියෙව. තස්මා තාදිසස්ස විසුං වවත්ථිතස්ස ඔකාසස්ස අත්ථිතාය නිරයොත්වෙව වුත්තා. සෙසානං පන තිස්සන්නං අපායභුම්මීනං තාදිසස්ස ඔකාසස්ස නත්ථිතාය යොනි විසය කාය සද්දෙහි යොජෙත්වා ඛන්ධාවා ඛන්ධප්පවත්තිපදෙසාවා ගහිතාති. [අපායභූමි]"]
[*“යමරාජා නාම වෙමානිකපෙතරාජා”ති.
“ධම්මිකො රාජාති එත්ථ තස්ස ධම්මිකභාවො ධම්මදෙවපුත්තස්ස විය උප්පත්තිනියතො ධම්මතාවසෙන වෙදිතබ්බො. ද්වාරෙසූති අවීචිමහානරකස්ස චතූසු ද්වාරෙසු.”
“යමස්ස රඤ්ඤො යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්.
යමස‍්ස රඤ‍්ඤොති යමරාජා නාම වෙමානිකපෙතරාජා. එකස‍්මිං කාලෙ දිබ‍්බවිමානෙ දිබ‍්බකප‍්පරුක‍්ඛදිබ‍්බඋය්‍යානදිබ‍්බනාටකාදිසබ‍්බසම‍්පත‍්තිං අනුභවති, එකස‍්මිං කාලෙ කම‍්මවිපාකං, ධම‍්මිකො රාජා, න චෙස එකොව හොති, චතූසු පන ද‍්වාරෙසු චත‍්තාරො ජනා හොන‍්ති.”
“විනිපාතික අසුර නම් වූ තවත් සත්ත්ව කොට්ඨාසයක් ඇත්තේ ය. ඔවුහු චාතුර්මහාරාජික දේව කොට්ඨාසයට ම අයත් ආහාර පානාදිය අමාරුවෙන් ලබන සත්ත්ව කොට්ඨාසයකි. පියඞ්කරමාතා, උත්තර මාතා යනාදීහු විනිපාතික අසුර කොටසට අයත් වූවෝ ය.”
“එකච්චෙ ච විනිපාතිකා සතර අපායෙන් මිදුනු උත්තර මාතාව, පියංකර මාතා යක්‍ෂණිය පුනබ්බසුමිත්ත ධම්මගොත්ත ආදීහුද අනික් වේමානික ප්‍රේතයෝය. ඔවුන්ගේ වනාහි කහපාට, සුදුපාට, කලුපාට කලු රන්වන් සම ඇති ආදී ලෙසත් කෘශ, ස්ථුල, උස, මිටි ආදී වශයෙන් කය විවිධය. මිනිසුන්ට මෙන් ද්විහේතුක තිහේතුක අහේතුක වශයෙන්ද සඤ්ඤාවද වේ. ඔව්හු වනාහි දෙවියන් මෙන් මහේශාක්‍ය නොවෙති. දුප්පත් මිනිසුන් මෙන් අල්පේශාක්‍ය වෙති. ආහාර, වස්ත්‍ර දුර්ලභය. දුකෙන් පීඩා විඳිමින් හැසිරෙත්. සමහරෙක් කාල පක්‍ෂයෙහි දුක්ඛිත වන අතර තවත් කෙනෙක් බැබලෙන පක්‍ෂයෙහි සැපවත් වෙත්. ඒ නිසා සුවපහසු ශරීරයෙන් පහත වැටුණු බැවින් විනිපාතිකා යැයි කියත්. මෙහි යම්කෙනෙක් ත්‍රිහේතුක වන්නේ නම් ඔවුන්ට ධර්මාවබෝධය සිදුවෙයි. පියංකර මාතාව යක්‍ෂණියකි.”
“සෙය්‍යථාපි මනුස‍්සාතිආදීසු මනුස‍්සානං තාව කාලෙන සුඛං කාලෙන දුක‍්ඛං පාකටමෙව, දෙවෙසු පන භුම‍්මදෙවතානං, විනිපාතිකෙසු වෙමානිකපෙතානං කාලෙන සුඛං කාලෙන දුක‍්ඛං හොතීති වෙදිතබ‍්බං. හත්‍ථිආදීසු තිරච‍්ඡානෙසුපි ලබ‍්භතියෙව.
සෙය්‍යථාපි මනුස්සා ආදී තැන්වල මිනිසුන්ට නම් කලකදී සැපයද, කලකදී දුකද ප්‍රකටම ය දෙවියන් අතර භූම්‍යස්ථ දෙවියන්ටද එසේය. විනිපාතිකයන් අතර විමාන ප්‍රේතයින්ට කලකදී සැපද කලකදී දුකද වෙතියි දතයුතුය. ඇත්ආදී තිරිසන් ගතිකයන්ටද ලැබේමය.”]