617 - චිත්ත රූප ද? - *විකාර රූප ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමක් දෙස බලා සිටින විට එය පිළිබද නොසිතු ලෙස ඉබේ චිත්ත රූප මැවි පෙනෙන්නේ කෙසේද? කරුනාවෙන් පහදා දෙන්න.

A. 1. මානසික පීඩන, ආතති, අඩු නින්ද වැනි හෝ මනෝභ්‍රාන්තීන් (Hallucinations) හෝ භින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික තත්ත්ව හෝ මොළයේ රසායනික වෙනස් වීම්, කායික/ඇසේ දුර්වලතා වැනි ශාරීරික තත්ත්ව නිසා ද එවැන්නක් සිදුවිය හැක.
[දැඩිව අවධාරණය කරමි - කෙසේ වෙතත් ඉහත කාරණා ඉතා සංවේදීව හා ගැඹුරින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා විශ්ලේෂණය කරගත යුතු ම ය.]

2. රූපාදි අරමුණු ගැටීම (නොයෙක් දේ ඇසීම - බැලීම - කියවීම - කිරීම - කීම - සිතීම - නොයෙක් ලෙස හැසිරීම), ඒ අරමුණු හා සම්බන්ධ සිත් පහළ වීම; අනුන් කියනු ඇසීම, අසන ලද්ද හා සම්බන්ධ බව, අනුන් විසින් ප්‍ර‍ශ්න ඇසීම, කල්පනා කිරීම, ශාරීරික ධාතු කෝපය, සා ගින්න - පිපාසාව, නොයෙක් ශාරීරික වේදනා ඇතිවීම, සතුරන් මුණ ගැසීම, මිතුරන් මුණ ගැසීම, අසලවල් තැන මෙබඳු දෙයක් තිබෙනවා ය, අසවලා මෙබඳු දෙයක් කළා ය, අසවල් රටේ අසවල් තැන මෙබඳු දෙයක් සිදු වුණාය යනාදීන් අනුන් කියන දේ ඇසීම, අනුන්ගෙන් ඇසීමෙන් හෝ පොත පත කියැවීමෙන් හෝ දත් කරුණු හා සම්බන්ධකම ඇති බව, අනුන් විසින් ප්‍ර‍ශ්න ඇසීම, කල්පනා කිරීම, භූතයන් විසින් සිත්වලට නොයෙක් අරමුණු දෙනු ලැබීම, කර්ම විපාක.
[ඉහත කාරණා එකක් හෝ ඉන් කිහිපයක් හෝ ද විය හැක.]

{1. + 2. = සියල්ලට ම බලවත් ම පිළියමක් ලෙස “ධර්මයේ හැසිරීම” = ධාර්මිකව සිතීම - කීම - කිරීම” යොජනා කළ හැක.}

[*විකාර = (නියම) ආකාර නොවනුයේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll