752. කර්ම - කර්ම විපාක සාධාරණ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පෙර ජීවිතේ අකුසලයක් නිසා කෙනෙක් මේ ආත්මෙ කාගෙන් හෝ මැරුම් කනවා. එතකොට මරණය සිදුකළ කෙනා කර්මයට අහු⁣වෙනවා. එයාට කර්මය විපාක දෙද්දි තව කෙනෙක් කර්මයට අහුවෙනවා. මෙක අසාධාරණ ස්වභාවයක් දැනේ... ධර්මානුකූලව මේ සංසිද්ධිය ලිහා ගන්නෙ කොහොමද???

A. 1. පළමු කෙනාට කර්ම විපාකය දෙනු ලබන වධකයෙක් වගේ විදිහට නෙවෙයි දෙවෙනි කෙනා කර්මය කරන්නේ - දෙන්නට ම කර්මයෙන් ගැලවිලා ඉන්න පුළුවන්කම තිබ්බා / පුළුවන් ඕන ම නම් - කරපු/කරන දේකට මිසක් නොකරපු / නොකරන දේකට විපාක ලැබෙන්නේ නෑනි.

[(අකුසල) කර්ම නොකරම ඉන්නත් පුළුවන්, බලය අඩු කරන්නත් පුළුවන්, අහෝසි කරන්නත් පුළුවන් - අකුසල-පව් නොකර ම ඉන්න එක තමා වැඩියෙන් ම හොඳ; විශේෂයෙන්ම “අකුසල් කර්ම පථ”]

2. පළමු කෙනාට විපාක ලැබෙනවාත් සමඟ ම කර්ම සකස් වෙන්න දෙවෙනි පුද්ගලයාටත් (සාංසාරික) “හේතු” සකස් වෙලා තියනවා වෙන්න පුළුවන් - පළමු කෙනාට විපාක දෙන කර්මයට, හැමෝම කර්ම කරගන්නේ (හැමෝම “කර ගහන්නේ”) නෑනේ.

3. “විපාක” විපාක දෙන්නේ පුද්ගලයෙක් / පුද්ගලයන් හරහා (වෙනත් පුද්ගලකුට කර්ම සකස්වෙන විදිහට) ම විතරක් නොවේ; තමන්ට ම හිතිලා, වෙනත් සතුන්, හදිසි අනතුරක්, ස්වභාවික සිද්ධියක්, ... හරහා වගේ කර්ම විපාක දෙනවා හිතාගන්න / හොයාගන්න අමාරු උණාට/විදිහට.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll