184. සත්ත්ව-සංස්කාර-අවකාශ ලෝකයන්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සත්ව ලෝකය ,සංස්කාර ලෝකය ,අවකාශ ලෝකය යන තුන් ලොව පරමාර්ථ ධර්ම හතර (රූප 28, චිත්ත 1, චෙතසික 52, නිබ්බනය) හා සම්බන්ධ වන්නේ කෙසේ ද?

A. සත්ව ලෝකය / සත්ත්ව ලෝකය = චිත්ත-චෛතසික / රූප.
සංස්කාර ලෝකය / සංඛාර ලෝකය= චිත්ත-චෛතසික / රූප.
අවකාශ ලෝකය / ඕකාස ලෝකය = රූප (සියලුම රූප ද නොවේ).

[R. "සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි ද ලෝකය තෙවැදැරුම් වේ. සත්ත්ව සමූහය සත්ත්වලෝක නම් වේ. සත්ත්වයන්ගෙන් අන්‍ය වූ පොළොව-කඳු-ගස්-වැල් ආදිය අවකාශ ලෝක නමි. ඒ ලෝක දෙකට අයත් රූප වේදනාදි සංස්කාරයෝ සංස්කාර ලෝක නම් වෙති."]

{"අපි ච තයො ලොකා – සඞ්ඛාරලොකො, සත්තලොකො, ඔකාසලොකොති. තත්ථ සඞ්ඛාරලොකො නාම පටිච්චසමුප්පන්නා පථවිආදයො ධම්මා. සත්තලොකො නාම සඤ්ඤිනො අසඤ්ඤිනො නෙවසඤ්ඤිනාසඤ්ඤිනො ච සත්තා. ඔකාසලොකො නාම සත්තානං නිවාසට්ඨානං."

"අපි ¶ ච – තයො ලොකා සඞ්ඛාරලොකො සත්තලොකො ඔකාසලොකොති. තත්ථ “එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා”ති (පටි· ම· 1.112) ආගතට්ඨානෙ සඞ්ඛාරලොකො වෙදිතබ්බො. “සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා”ති (දී· නි· 1.421; ම· නි· 1.269; සං· නි· 4.416; විභ· 937) ආගතට්ඨානෙ සත්තලොකො.
“යාවතා චන්දිමසූරියා පරිහරන්ති, දිසා භන්ති විරොචමානා;
තාව සහස්සධා ලොකො, එත්ථ තෙ වත්තතී වසො”ති. (ම· නි· 1.503) –
ආගතට්ඨානෙ ඔකාසලොකො. තම්පි භගවා සබ්බථා අවෙදි. තථා හිස්ස “එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ලොකා නාමඤ්ච රූපඤ්ච. තයො ලොකා තිස්සො වෙදනා. චත්තාරො ලොකා චත්තාරො ආහාරා. පඤ්ච ලොකා පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ¶ ලොකා ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා අට්ඨ ලොකධම්මා. නව ලොකා නව සත්තාවාසා. දස ලොකා දසායතනානි. ද්වාදස ලොකා ද්වාදසායතනානි. අට්ඨාරසලොකා අට්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112) අයං සඞ්ඛාරලොකොපි සබ්බථා විදිතො.
යස්මා පනෙස සබ්බෙසම්පි සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්‍රියෙ මුදින්ද්‍රියෙ, ස්වාකාරෙ ද්වාකාරෙ, සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ, භබ්බෙ අභබ්බෙ සත්තෙ ජානාති. තස්මාස්ස සත්තලොකොපි සබ්බථා විදිතො. යථා ච සත්තලොකො, එවං ඔකාසලොකොපි. තථා හෙස එකං චක්කවාළං ආයාමතො ච විත්ථාරතො ච යොජනානං ද්වාදස සතසහස්සානි චතුතිංස සතානි ච පඤ්ඤාසඤ්ච යොජනානි."

"ලොකො පන සඞ්ඛාරලොකො, සත්තලොකො, ඔකාසලොකො, ඛන්ධලොකො, ආයතනලොකො, ධාතුලොකොති අනෙකවිධො."}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll