597. අතිපණ්ඩිත ද? බකපණ්ඩිත ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මම කාලයක් තිස්සෙ කැටයක් එකතු කලා,සසර පුරා මා නමින් මිය ගිය සියලු දෙනාට පින් පිනිස කැප භෝජනයක් දීලා දොලොස් පිරිකර පූජා කරලා දානයක් දෙනවා කියලා හිතාගෙන...
ඒ කැටයේ මුදල් ධර්ම දානයක් සදහා හෝ රුවන්වැලි මහා සෑයට නෙලුම් මල් පූජා කිරිමට යොදා ගත්තොත් එය නුසුදුසුද... (කෙනෙක් මට කීවා ගන්ධභයින් අර දානය දෙන තුරු බලා සිටින බැවින් මට අයහපතක් විය හැකියි කියා... මේ ගැන ධර්මානුකූලව පහදා දිය හැකි කෙනෙක් සිටිනවා නම් බොහොම පින්...

A. (අති)පණ්ඩිතයන්ගේ (බක)පණ්ඩිත කතා “තඹ දොයිතුවකට මායිම් නොකොට” (“අළුයම ලූ කෙළපිඩක් සේ ඉවත දමා"), ඔබේ ඒ අති-උතුම් චේතනාවන් කෙසේ හෝ ක්‍රියාත්මක කරන්න; ක්‍රියාවට නංවන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll