789. "මහා / සහේතුක විපාක සිත්” විපාක දෙන්නේ කෙසේ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. එක් භවයකදී එක් අයෙකුට ලැබෙන්නේ සහේතුක විපාක සිත් වලින් 1ක්ම ද නැත්නම් භූමියට අදාළ විපාක සිත් සියල්ලම ද?

උදා:- කාම භූමියේ ත්‍රිහේතුකයන්ට කාමාවචර මහා විපාක සිත් 8ම එම භවයේදී සිත් පරම්පරාව තුල ඇති වෙනවද? නැත්නම් එක විපාක සිතක් විතරද?

A. සාමාන්‍යයෙන්, සරලව ගත්කළ, මනුස්ස හා දිව්‍ය ලෝකවල “ප්‍රතිසන්ධි විපාක” වශයෙන් “එක් මහා/සහේතුක විපාක සිතක්” ඇති වුව ද / ඇති වුව හොත්, “ප්‍රවෘත්ති විපාක” වශයෙන් අනෙක් “මහා/සහේතුක විපාක සිත්” සියල්ල (8) ම ලැබේ / එම භවයේ සිත් පරම්පරාව (ජීවිත කාලය) තුළ [“මහා/සහේතුක විපාක සිත්” සියල්ල (8) ම] ඇති වේ.

Q. ප්‍රවෘත්ති විපාක ලැබුනට විපාක සිත් ලැබෙන්න විදිහක් නෑ නේද?
චිත්ත සන්තානයේ සහේතුක විපාක සිත් ඇතිවෙනවනම් ඇති වෙන්නෙ ප්‍රතිසන්ධි, භවාංග, චුති වශයෙන් හෝ තදාරම්මණ වශයෙන් විතරයිනෙ. ඉතින් තදාරම්මණ වශයෙන් ඇති වුනොත් හැර ප්‍රවෘත්ති විපාක වශයෙන් මහා විපාක සිත ලැබෙන්නෙ නෑ නේද?
ලැබෙනවනම් ඒ මොන අවස්ථාවල් වලද?

A. “මහා විපාක සිත්” ඇතිවෙන්නේ ප්‍රතිසන්ධි - භවාංග - තදාරම්මණ - චුති කියන අවස්ථා හතරේ දී ම විතරයි තමා.

එහෙත්, හොඳ අරමුණක් ලැබෙන විට “අහේතුක කුසල විපාක සිත් 8” ලැබෙන්නා සේ ම, විපාක-ආනිසංශ වශයෙන් සැප-සම්පත් ලැබීමේ දී උපකාර වශයෙන් හා සැප-සම්පත් විඳීමේ දී ලෙසින් “ප්‍රවෘත්ති විපාක” වශයෙන් ද “මහා විපාක සිත් 8” ඇති වේ.

{එවිට “ප්‍රතිසන්ධි විපාක” වශයෙන් “එක් මහා/සහේතුක විපාක සිතක්” ඇති වුව ද / ඇති වුව හොත්, මහා විපාක සිත් දහසය (16) [අහේතුක 8 + සහේතුක 8] ම ලැබේ / එම භවයේ සිත් පරම්පරාව (ජීවිත කාලය) තුළ [“මහා/සහේතුක/අහේතුක කුසල විපාක සිත්” සියල්ල (16) ම] ඇති වේ.}

Q. මට දැනගන්න අවශ්‍ය උනේ සන්තානයේ සහේතුක විපාක සිත් ඇති වෙනවද කියලයි. ප්‍රවෘත්ති විපාක ඇති වෙන අවස්ථාවල් වල සහේතුක විපාක සිතක් ඇති වෙන්නෙ නෑ නේද?

මහත්මයා මහා විපාක සිත් 16ක් නෑ නේද?

අහේතුක විපාක සිත් 15ක් නේද තියෙන්නෙ?

එයින් අහේතුක කුසල විපාක 8 ඇති වෙන බව නම් නිරවුල්.

A. සන්තානේ සහේතුක විපාක සිත් ඇති වෙනවා - “ප්‍රවෘත්ති විපාක” ඇතිවෙන අවස්ථාවල ද “සහේතුක මහා විපාක සිතක්/සිත්” (සහේතුක කාමාවචර විපාක සිතක්/සිත්) ඇති වෙනවා.

මහා විපාක (සහේතුක කාමාවචර විපාක) සිත් 8යි තියෙන්නේ - ඒ 8 සහේතුකයිනි; 16 ලෙස අරන් තියෙන්නේ “අහේතුක කුසල විපාක 8”ත් එක්ක - මහා කුසල්වල අහේතුක විපාක සිත්නි ඒ 8ත්, ඒකයි.

ඔව් - අහේතුක විපාක සිත් 15 යි.

අහේතුක කුසල විපාක 8 ඇති වෙන බව නිරවුල් බැවින්, ඉහත පිළිතුරේ දක්වා ඇත්තේ ප්‍රතිසන්ධි - භවාංග - තදාරම්මණ - චුති කියන අවස්ථා හැර, සන්තානේ “සහේතුක මහා විපාක සිත් 8” (සහේතුක කාමාවචර විපාක සිත් 8) ඇතිවිය හැකි අවස්ථා දෙක යි - ඒ “ප්‍රවෘත්ති විපාක” වශයෙනි.

Q. ඔබගේ පිළිතුරේ තේරුම් ගැනීමට නොහැකි තැනක් තවමත් තියෙනවා. පුලුවන් නම් එය නිරවුල් කර දෙන්න.

ප්‍රතිසන්ධි භවාංග තදාරම්මණ චුති යන අවස්ථා හැර සහේතුක කාමාවචර විපාක සිත් 8 ඇති වෙනවන්ම්. ඒ කුමන කෘත්‍ය වශයෙන්ද? (ප්‍රතිසන්ධි භවාංග තදාරම්මණ චුති කෘත්‍යයන් වශයෙන් නොවේ නම් විපාක සිත්(සහේතුක) ඇති වෙන තවත් කෘත්‍යයක් තිබේ ද?)

A. “කෘත්‍ය” වශයෙන් නොවේ. “ප්‍රවෘත්ති විපාක” වශයෙන් බව මා නැවත නැවත කියා ඇත.

මෙයින් (පහත පින්තූරයෙන්) පැහැදිළි කරගත හැකි දැයි බලන්න.

මූලාශ්‍රය - https://tipitaka.lk/library/22 > 65 - පිටුව.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll