68. "මඟුල් සක්වළ" ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q."සත්වයන් උපදිනා ස්ථාන 31කින් යුත් කොටසක් එක් සක්වළක් ලෙස හැඳින්වෙන බව දැක්වේ. එය ලෝක ධාතුවක් ලෙස ද හැදින්වේ. විශ්වය තුල මෙවැනි සක්වළ අනන්ත ප්‍රමාණයක් ඇත. නමුත් ඒ සියලු ම සක්වළවල් අතරින් අප වසන සක්වළ විශේෂ වේ. ඊට හේතුව සම්මා සම්බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකවරු, සක්විති රජවරුන් යන උතුමන් මෙම සක්වළෙහි පමණක් පහළවන බැවිනි. එබැවින් මෙම සක්වළ මංගල සක්වළ (මඟුල් සක්වළ) ලෙස හැඳින්වේ." - මෙම ප්‍රකාශනය සත්‍යයක් ද?

[චක්කවාල = චක්‍රාවාටය = සක්වළ = ලෝකධාතුව = (31 තලය) = එක ඉරකින් (සූර්යයකින්) එළියවන ප්‍රදේශය.]

මෙය ද කියවන්න.

A. සම්මා සම්බුදුවරු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවකවරු, සක්විති රජවරුන් ආදී උතුමන් මෙම සක්වළෙහි පමණක් ම පහළවන බව (මූලාශ්‍ර ආශ්‍රයෙන්) ඔප්පුකළ හැක.
“ජම්බුදීපො නාම මහා, දසයොජනසහස්සපරිමාණො, කතරස්මිං නු ඛො පදෙසෙ බුද්ධා නිබ්බත්තන්තී”ති දෙසං විලොකෙන්තො මජ්ඣිමදෙසං පස්සි. මජ්ඣිමදෙසො නාම – “පුරත්ථිමාය දිසාය ගජඞ්ගලං නාම නිගමො”තිආදිනා (මහාව· 259) නයෙන විනයෙ වුත්තොව. සො ආයාමතො තීණි යොජනසතානි, විත්ථාරතො අඩ්ඪතෙය්‍යානි, පරික්ඛෙපතො නවයොජනසතානීති. එතස්මිඤ්හි පදෙසෙ බුද්ධා පච්චෙකබුද්ධා අග්ගසාවකා අසීති මහාසාවකා චක්කවත්තිරාජානො අඤ්ඤෙ ච මහෙසක්ඛා ඛත්තියබ්‍රාහ්මණගහපතිමහාසාලා උප්පජ්ජන්ති. ඉදඤ්චෙත්ථ බන්ධුමතී නාම නගරං, තත්ථ මයා නිබ්බත්තිතබ්බන්ති නිට්ඨං අගමාසි."

දස දහසක් සක්වළ (සක්වළ 10,000 / සක්වළ දහ දාහක් = එක සක්වළක් ලෙස ද ගනී) එක බුදුරජාණන්වහන්සේ නමක් පමණක් ම පහළවන බව ද (මූලාශ්‍ර ආශ්‍රයෙන්) ස්ථිරව ම කිව හැකි ය. එයින් (එසේ ඉපදීමෙන්) අනෙකුත් සියලුම සක්වළවල බුදුවරු පහළවීම මුළුමණින් ම වළකාලනු ලැබේ.


"එකිස්සා ලොකධාතුයාති එකස්මිං චක්කවාළෙ. හෙට්ඨා ඉමිනාව පදෙන දසචක්කවාළසහස්සානි ගහිතානි තානිපි, එකචක්කවාළෙනෙව පරිච්ඡින්දිතුං වට්ටන්ති. බුද්ධා හි උප්පජ්ජමානා ඉමස්මිංයෙව චක්කවාළෙ උප්පජ්ජන්ති, උප්පජ්ජනට්ඨානෙ පන වාරිතෙ ඉතො අඤ්ඤෙසු චක්කවාළෙසු නුප්පජ්ජන්තීති වාරිතමෙව හොති."
"එකිස්සා ලොකධාතුයාති දසසහස්සිලොකධාතුයා."

“මහරජානෙනි, අප බුදුරජානන් වහන්සේ උපන් තිඹිරිගෙයක් වැනි වූ මේ දශසහශ්‍රීලොකධාතුතොම එක බුද්ධධාරණීය ය. එක ම බුදු කෙනෙකුන්ගේ ගුණය ධරන්නී ය.‘ඉදින් දෙවෙනි බුදුන් වහන්සේ කෙනෙක් උපන්නෝ වූ නම් දශසහශ්‍රී ලොකධාතුතොම නො දරන්නී ය.
("...ඒ එක ම බුදුන්ගේ මේ මඟුල් සක්වළ මවුකුස උපදනා දවස් බිහිවන දවස් බුදු වන දවස් දම්සක් දෙසන දවස් ආයුෂය හරණා දවස් පිරිනිවන් පානා දවස් මේ දශසහශ්‍රී ලොකධාතුව යදණ්ඩෙන් ගැසූ ලෝතලියක් මෙන් ශතසහස්‍ර‍ වාරයෙහි කම්පා වෙයි...")
https://pitaka.lk/books/milinda-prashnaya/62.html

“අයං, මහාරාජ, දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති, යදි දුතියො බුද්ධොඋප්පජ්ජෙය්‍ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්‍ය, ..."
https://tipitaka.app/?a=er3-4-si

කොතරම් දඹදිව් තල තිබුණ ද අප මහා බුදුරජාණන්වහන්සේ ඉන්දියාවේ ම පහළ වූ බැවින් හා එමඟින් අනෙකුත් සියලු ම සක්වළවල බුදුවරුන්ගේ පහළවීම වැළක්වූ හෙයින් ද (වරක් සිදු වූ බැවින් එය එසේ නොකඩවා ඉදිරියටත් සිදුවිය යුතු බැවින් ද) මෙම (අපගේ) සක්වළට "මංගල සක්වළ / මඟුල් සක්වළ / උතුම් සක්වළ" යැයි කීම යුක්තියුක්ත ය / සාධාරණය.

{T / Q. "ඇයි? එහෙනම් අපි ජීවත් වෙන සක්වළට “මඟුල් සක්වළ” කියන්නේ. වෙනත් සක්වළවල්වලත් බුදුවරු පහළ වෙනවා ද?"

A / C. අග්ග මහා පණ්ඩිත - ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි - "අපි වගේ බුද්ධිමත් ජීවීන් වෙසෙන ජීව ලෝක තවත් අනන්තවත් තිබෙන්නට පිළිවන්. එබඳු ජීව ලෝකවල බුදුවරු පහළ නොවෙනවා කියන්නට බැහැ. හැබැයි එක සක්වළක නම් බුදුවරු දෙන්නෙක් එකවර පහළ වෙන්නේ නැහැ. එයින් පිටසක්වළවල්වල බුදුවරු පහළ නොවන බවක් කිව නොහැකියි. පූර්ව සාර මණ්ඩ කල්පයෙන් පටන් ගත් අටවිසි බුදුවරු සහ ඉන්පසු පහළ වූ සූවිසි හා සත් බුදුවරු නම් මේ සක්වළම පහළ වූ බව දැක්වෙනවා. ඒ නිසා වන්නට ඇති බෞද්ධ සාහිත්‍යයේ, මේ සක්වළට මගුල් සක්වළක් කියන්නේ."}

[A. "චක්රලවර්තී රජකු උපදනාට පූර්වභාගයෙහි හවුරුදු සියයක් තිබියදී කාමාවචර දේවතා කෙනෙක් රන්වන් වූ සළුවක් හැඳ,රන්වන් වූ සළුවක් ඒකාංශ කොට ලා රන්වන් වූ සුවඳ විලෙවුන් ගෙන රන්වන් පලඳනා හා මිණි වොටුණු ධරා මෙසේ රජමඟුල් වෙසක් ගෙන චක්ර්වර්තීන් උපදනා මේ මඟුල් සක්වළ ම සතර මහා ද්වීප‍ය වටා ඇවිද “පින්වත් වූ ජනයෙනි! සියක් හවුරුදු ගිය කල සක්විති රජෙ‍ක් මේ සක්වළ උපද්දී; ඔහු උපන් කල රා පිය නො හැක්ක ; බොරු කිය නො හැක්ක; සොරකම් කළ නො හැක්ක; යමෙක් තමා රහසත් ‍ෙම් පස් පවින් නො කිරීමට දැන් පටන් අභ්යාොස කරව, පන්සිල් රකුව’ යනාදීන් ඔවා‍ තෙපුල් කිය කියා මුළු සකවළ වටා ඇවිදිති"

"එසේ නම් ආනන්‍දය, අසව. කියන්නෙමි. ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදෙහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී (සහශ්‍රී) ලෝක ධාතුවයයි කියනු ලැබේ.
"ආනන්‍දය, යම්තාක් සහශ්‍රී චූළනී ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණවූ ලෝකයක් වෙයිද, ආනන්‍දය, මෙය (චක්‍රවාළ දස ලක්‍ෂයක්වූ) ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුවයයි කියනු ලැබේ. ආනන්‍දය, යම්තාක් ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වෙයිද, ඒ තාක් දහසින් ගුණකළ කෙළ ලක්‍ෂයක් චක්‍රවාළ වෙයිද, ආනන්‍දය, මෙය ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලොකධාතුව යයි කියනු ලැබේ."

"මහණෙනි, දහසක් ලෝකය හැම තැනම යම්තාක් වන්‍ද්‍ර සූර්‍ය්‍යයෝ පරිහරණය කෙරෙත්ද, බැබලීමෙන් දිශාවන් හොබවත්ද, ඒ දහසක් ප්‍රමාණ ලෝකයෙහි, චන්‍ද්‍රයන් දහසෙක, සූර්‍ය්‍යයන් දහසෙක, මහමෙර දහසෙක, දඹදිව් දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරු දිවයින් දහසෙක, පූර්‍වවිදෙහ දහසෙක, මහා සමුද්‍ර සාර දහසෙක, මහරජවරු සාර දහසෙක, චාතුර්මහාරාජික දහසෙක, තව්තිසා දහසෙක, යාම දහසෙක, තුෂිත දහසෙක, නිර්‍මාණරතී දහසෙක, පරනිර්මිත වසවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්ම තෙම එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?’’]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll