509. කළලය හා කලල රූපය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කළල රූපයකට බැස ගන්නා විඤ්ඤාණය, ස්ත්‍රී හො පුරුෂ වන්නේ කළල රූපයද? නැතිනම් විඤ්ඤාණයද?

A. (විශේෂ අවස්ථා නොසලකා) අපි ඉපදෙන මුල් ම වෙලාවේ ඇතිවන සිත උපදින පළමු කුඩා වෙලාව (ප්‍ර‍තිසන්ධි සිතෙහි උප්පාදක්ෂණය) වෙද්දිත්, අපේ ලිංග භේදය කර්මය, තෘෂ්ණාව ආදිය අනුව කලින් තීරණය වෙලා ඉවරයි. ඒ අනුව තමා ඒ ප්‍ර‍තිසන්ධි සිතෙහි උප්පාදක්ෂණයෙහි ම ස්ත්‍රී/පුරුෂ/... භාවය තීරණය (‘භාව දශකය’ හට ගැනීම හෝ හට නොගැනීම) වෙන්නෙ.

‘කලල රූපය’කට විඤ්ඤාණය බැස ගන්නා බව කී විට, ‘කලල රූපය’ මුලින් ඇති වී, දෙවනුව විඤ්ඤාණය එයට පැමිණෙන බව සිතුණත්, එය ව්‍යවහාරයට පමණකි. සැබවින්ම සිදුවන්නේ (ප්‍රතිසන්ධි) විඤ්ඤාණයත් ‘කලල රූපය’ත් එකවිට (ප්‍ර‍තිසන්ධි සිතෙහි උප්පාදක්ෂණයෙහි) ම ඇති වීමයි.

කෙටියෙන් ම පැහැදිලි කරන්නේ නම්, ‘කලල රූපය’ හෝ (ප්‍රතිසන්ධි) විඤ්ඤාණය ස්ත්‍රී/පුරුෂ/... භාවය තීරණය නොකරන අතර එය කරනුයේ, කර්ම-තෘෂ්ණාදියයි; ‘කලල රූපයෙහි’ ස්ත්‍රී/පුරුෂ/... භාවය තීරණය කරනුයේ “ස්ත්‍රී හෝ පුරුෂ 'භාව දශකය' යි”.

{කායදශකය, වස්තු දශකය / භාවදශකය යන රූපකලාප දෙකකින් හෝ තුනකින් හෝ යුක්ත වූ (ප්‍රතිසන්ධි) විඤ්ඤාණය සහිත වූ රූප සමූහයට ‘කලල රූපය’ යි කියනු ලැබේ.}


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll