41. ගිහිව සිටියදීම රහත් වුවහොත්, එතුමා එදවස ම පැවිදි විය යුතු ද? නැතහොත් පිරිනිවන් පෑ යුතු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගිහිව සිටියදීම රහත් වුවහොත් එතුමන් එදවසම පැවිදි විය යුතු ද? නැතහොත් පිරිනිවන් පෑ යුතු ද?

A. “… යම් ගිහි කෙනෙක්‌ රහත් වූයේ නම් හෙතෙම පැවිදි විය යුතුයි. නැතිනම් පිරිනිවන් පෑ යුතුයි …” යනුවෙන් යම් යම් තැනකදී සඳහන් වේ. එසේ සඳහන් වන්නේ ත්‍රිපිටකයේ කුමන තැනකදී ද යන්න නම් සොයා විමසා බැලිය යුතුය.

ලෝකයෙන් එතෙරවූ, ජාතිය (නැවත ඉපදීම) මුලිනුපුටා දැමූ, බ්‍රහ්මචර්යාව වැස අවසන් කරන ලද්දා වූ, කළයුතු සියල්ලද අවසන් කළා වූ, යළි කළයුතු දෙයක් ද නැති (‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා ...’) රහතන්වහන්සේට, එකී ලෝකෝත්තර ගුණයන්ට මුළුමණින්ම ප්‍රතිවිරුද්ධ වූ බොහෝ ගිහියන් සමඟ/ගිහිගෙයි/ගිහි සමාජයෙහි විසීම සාරුප්‍ය නොවන (සුදුසු නැති/නොගැලපෙන) නිසාවෙන් බවයි, මාගේ පෞද්ගලික අදහස.

A. "මිලිඳු රජු - ස්වාමීනි, යමෙක් ගිහිව සිටියදීම රහත් වුවහොත් ඔහු එදවසම පැවිදි විය යුතුය. නැතහොත් පිරිනිවන් පෑ යුතුය. එය රහත් බවේ දුර්වලතාවයක්ද?

නාගසේන තෙරණුවෝ - මහරජ, උණ ලී වලින් කළ ලෑල්ලක් මත බර ගලක් තැබුවොත් උණ ලෑල්ල බිඳී වැටෙයි. එයට හේතුව උණ ලෑල්ලේ ඇති දුර්වල බවය. එලෙසම ගිහි බව දුර්වලය. මහත් වූ රහත් බව දැරීමට එය අසමත් වෙයි. එනිසා එදවසම පැවිදි විය යුතුය. නැතහොත් පිරිනිවන් පෑ යුතුය."

57. ද්වෙගති ප්‍රශ්නය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll