504. ශූන්‍යතාවය හා ශූන්‍යතාවාදය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ශුන්‍ය බව යන්නෙන් අදහස් කරන්නෙ සියලු සංස්කාර ධර්ම අනිත්‍ය නිසා එය නිසරු බවද? පටවි ආපො තේජො වායො යන ධාතුන්ගෙන් සැදි ඇති දේ ඒවා වෙන්කොට ගත්විට කිසිවක් නැති බවද?

A / R. ඇතැමෙක් “මහායාන දර්ශනය” තුළ ඇති “ශුන්‍යතාවය / ශූන්‍යතාවාදය”, “ථෙරවාද දර්ශනය” හා පටලවා ගනිත්.

ථේරවාද දර්ශනයෙහි ශූන්‍ය (සුඤ්ඤ) බව නම් "අනාත්ම" ("අනාත්ම ලක්ෂණය") යන පදයට සමානව ම යෙදේ:

"සත්ත්වයකු නැත යන අරුතින් සුඤ්ඤතො යි, වසඟයෙහි නොපවතින අරුතින් අනත්තතො යි;"
“සුඤ‍්ඤතො අනත‍්තතො”ති ද‍්වීහි අනත‍්තලක‍්ඛණං,”

"නිස්සත්‍ථවාර්ථයෙන්"

"අනාත්මාර්‍ත්‍ථයෙන්"

"සත්ත්වයකු නැත/නොවන (නිස්සත්‍ථවාර්ථයෙන්) යන අරුතින් සුඤ්ඤතො යි, වසඟයෙහි නොපවතින අරුතින් අනත්තතො යි;"
"නිස්සත්තට්ඨෙන සුඤ්ඤතො, න අත්තට්ඨෙන අනත්තතො."

# [පහත පරිවර්තන දෝෂ බව හැඟේ]

"බලනැති අර්ථයෙන් සුඤ්ඤතො ආත්ම නොවන අර්ථයෙන්. අනත්තතො එහි අනිච්චතො පලොකතො යන පදදෙකින් අනිත්‍ය ලක්ෂණය කියන ලදී. දුක්ඛතො ආදී පදසයෙන් දුඃඛලක්ෂණය කියන ලදී. පරතො සුඤ්ඤතො අනත්තතො යන තුන් පදයෙන් අනාත්ම ලක්ෂණය කියන ලදී.


"නිස්සත්තට්ඨෙන සුඤ්ඤතො, න අත්තට්ඨෙන අනත්තතො. තත්ථ අනිච්චතො, පලොකතොති ද්වීහි පදෙහි අනිච්චලක්ඛණං කථිතං, දුක්ඛතොතිආදීහි ඡහි දුක්ඛලක්ඛණං, පරතො සුඤ්ඤතො අනත්තතොති තීහි අනත්තලක්ඛණං.

අපරො නයො – සො තෙහි ධම්මෙහීති යස්මා අනිච්චතොතිආදීසු අනිච්චතො පලොකතොති ද්වීහි පදෙහි අනිච්චලක්ඛණං කථිතං, දුක්ඛතොතිආදීහි ඡහි දුක්ඛලක්ඛණං, පරතො, සුඤ්ඤතො, අනත්තතොති තීහි අනත්තලක්ඛණං.

තත්ථ පඤ්චවීසතීති “පරතො රිත්තතො තුච්ඡතො සුඤ්ඤතො අනත්තතො”ති එකෙකස්මිං ඛන්ධෙ පඤ්ච පඤ්ච කත්වා පඤ්චසු ඛන්ධෙසු පඤ්චවීසති අනත්තානුපස්සනා.

සත්තසුඤ්ඤතට්ඨෙන සුඤ්ඤතො, අත්තාභාවෙන අනත්තතො."

"ස්වාමියකු, නිවාසියකු, කාරකයකු (කරවන්නකු), වේදකයකු (විඳින්නකු), අධිට්ඨායකයකු (අධ්‍යක්‍ෂකයකු) නැති හෙයින් ශුන්‍ය වශයෙන්ද, තමාද අස්වාමික භාවාදියෙන් යුක්ත වූ හෙයින් අනාත්ම වශයෙන්ද, ...”

https://tipitaka.lk/anya-vm-20-2/187-4/sinh

“3. “ශුන්‍ය වශයෙන් ලොකය බලයි” යනු ...”
4. “මහණෙනි, රූපය අනාත්මයකි. ...”
5. කෙසේ හිස් සංස්කාර යයි බැලීම් වශයෙන් ලොකය ශුන්‍යයයි බලාද? ...”
6. “නැවතද සයාකාරයකින් ලොකය ශුන්‍ය වශයෙන් බලයි. ...”
7. “නැවත දශාකාරයකින් ලොකය ශුන්‍ය වශයෙන් බලයි, ...”
.... (8>12)

“13. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදී. “මහණෙනි, මෙපරිද්දෙන්ම මහණතෙම රූපය සොයන්නේ යම් පමණ රූපයාගේ ගතියක් වේද, වෙදනාව සොයන්නේ යම් පමණ වෙදනාවගේ ගතියක් වේද, සඤ්ඤාව සොයන්නේ යම් පමණ සඤ්ඤාවගේ ගතියක් වේද, සංස්කාරය සොයන්නේ සංස්කාරයාගේ යම් පමණ ගතියක් වේද, විඤ්ඤාණය සොයන්නේ යම් පමණ විඤ්ඤාණයේ ගතියක් වේද, එයද ඔහුට මමය’ කියා හෝ ‘මගේය කියා හෝ මා කෙරෙහිය කියා හෝ මෙසේද ඔහුට නොවෙයි. මෙසේද ලොකය ශුන්‍ය වශයෙන් බලව යනු ශුන්‍ය වශයෙන් බලව, දකුව, සමකොට බලව, තීරණය කරව ප්‍රකට කරව යනුයි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll