455. අභිධර්මය දේශනා නො කළ සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අභී ධර්මය / අභිධර්මය බුද්ධ භාෂිතයේන් බැහැර උන එකක් බවට සමාජයේ මතයක් පවතී (මාගේ මතය නොව); මේ ගැන ඔබගේ මතය කුමක්ද?

A / R. (අධිගම නිධානය සහ දේශනා නිධානය.)

 “සාමාන්‍ය ලෝකයාට විෂය නො වන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්‍රාතිහාර්‍ය්‍යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්‍ර‍න්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසි ම කරුණක් නැත.
එකින් එකක් වෙන් කළ නොහෙන පරිදි බැඳී සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නො වේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින් ම දේශනය කරනවා මිස අනිකකු විසින් සම්පාදනය නො කළ හැකි ය.”
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/12.html

“ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදුරජාණන් වහන්සේ විසින් පරම සූක්ෂම පරම ගම්භිර චිත්ත චෛතසිකාදි පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භිර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ය. සේසසෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද සාරය ද එය ම ය.

සූත්‍ර‍ පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන් සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ඨ ඥානයක් නුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නට ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත් වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර‍ පිටකයේ එන කරුණුවලින් බොහොවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍ර‍මානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර‍ පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. …”
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/1.html

"විනය පිටකයෙහි ඇත්තේ ධර්මස්කන්ධ විසි එක් දහසෙකි. සූත්‍ර‍ පිටකයෙහි ඇත්තේ ද ධර්මස්කන්ධ විසි එක් දහස ම ය. අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ දෙසාලිස් දහසෙකි. සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් ගෙන් බාගයක් අභිධර්ම පිටකය ය. ඒ අභිධර්ම පිටකය එකිනෙකට සම්බන්ධය ඇති බැවින් එක් සූත්‍ර‍යක් වැනිය. එහි ක්‍ර‍මානුකූලව ධර්මය විස්තර වන්නේ ය."

{“ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද, විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි. ඇවැත්නි, වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්ම පිටකයෙහිද විනය පිටකයෙහිද ප්‍රශ්න අසන්නෝ වෙත්. ඇවැත්නි ඉදින් වනයෙහි වසන භික්ෂුවගෙන් අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න අසන ලද්දේ විසඳන්ට නොහැකි වෙයිද ඔහුට ‘යම් මේ ආයුෂ්මත්තෙමේ අභිධර්මයෙහිද විනයෙහිද ප්‍රශ්න විචාරණ ලද්දේ විසඳන්ට නොහැකිය. වනයෙහි වසන මේ ආයුෂ්මත්හුගේ තනිව වනයෙහි කැමතිසේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’ කියන්නෝ වෙත්. එහෙයින් වනයෙහි වසන භික්ෂුව අභිධර්ම පිටකයද විනය පිටකයද ඉගෙණීමෙහි උත්සාහ කළ යුතුයි."

‘‘ආරඤ්ඤිකෙනාවුසො, භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො. සන්තාවුසො, ආරඤ්ඤිකං භික්ඛුං අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුච්ඡිතාරො. සචෙ, ආවුසො, ආරඤ්ඤිකො භික්ඛු අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායති, තස්ස භවන්ති වත්තාරො. ‘කිං පනිමස්සායස්මතො ආරඤ්ඤිකස්ස එකස්සාරඤ්ඤෙ සෙරිවිහාරෙන යො අයමායස්මා අභිධම්මෙ අභිවිනයෙ පඤ්හං පුට්ඨො න සම්පායතී’ති - තස්ස භවන්ති වත්තාරො. තස්මා ආරඤ්ඤිකෙන භික්ඛුනා අභිධම්මෙ අභිවිනයෙ යොගො කරණීයො."
https://pitaka.lk/main?n=19119}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll