261. මුගලන් මහරහතන්වහන්සේත් අතරමං උණ සේක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. මුගලන් මහ රහතන් වහන්සේ චක්‍රාවාටයෙන් චක්‍රාවාටයට ගමන් කර අතුරුදන්ව බුදුන්වහන්සේ විසින් ආලෝකයක් යවා මග පෙන්වූ කතාව තිබෙන තැනක් දන්නවාද?

A. චීන මහායාන “අමිතාභ සූත්‍ර” අටුවාවෙහි, “මුගලන් හිමියන්ගේ විශ්වතරණ” සිදුවීම හා සමාන වූවක් ඇති බැවින්, මෙම කතා මහායානයෙන් ප්‍රචලිත වූවා ලෙස ගත හැක.

A. චීන මහායාන ත්‍රිපිටකයෙහි (හා වර්ණනාවල), අපේ චූළනිකා සූත්‍රයෙහි (https://pitaka.lk/main?n=281710) මෙන් හා මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණය වන් වූ ද විශ්වය ගැන (බුදුවරු - “බුද්ධ භූමි” - ආදී) නොයෙක් විචිත්‍රවත් - සිත් ඇදගන්නා සුළු කරුණු ද රාශියක් ම ඇති බැවින් ද -

මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණයට අදාළ සැකකටයුතු තැන් අපේ ත්‍රිපිටකයෙහි ද ඇති බැවින් ද -
https://pitaka.lk/main?n=34137
https://pitaka.lk/main?n=29145
https://pitaka.lk/main?n=24150 >>>
ජවනහංස ජාතකය - ජවනහංස ජාතකය.

“අපේ ත්‍රිපිටකය” තුළ හා (චීන) මහායාන ත්‍රිපිටකය තුළ ඇති කරුණු සම්මිශ්‍ර කොට/වී, මුගලන් හිමිගේ කාලතරණය/විශ්වතරණය ගැන හෝ එවැනි හෝ වෙනත් බොහෝ කතා ගණනාවක් ම නිර්මාණය කළ/ගෙතිය හැක්කා මෙන් ම ඉබේ ම (ප්‍රබන්ධ ලෙස) ජනගත විය ද හැක.

මෙයිනි - මෙය ද කියවන්න.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll