Q. අසා ඇති හා මතක පරිදි ...
01 සඩ් අබිඤ්ඤා ...
02 පංච අබිඤ්ඤා ...
03 තව තුනක් තිබෙන එකකුත් අසා ඇත... (නම කියන්න)
04 සුස්ක කියල එකකකුත් අසා ඇත... (නම කියන්න)
මේවා ගැන පැහැදිලි කිරීමක් ද කරන්න..?
A. 01. ‘ෂඩ් අභිඥා’
බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උන්වහන්සේගේ ශ්‍රාවක වූ ඇතැම් රහතන් වහන්සේලා අභිඥා හයක් ලබාගෙන තිබෙනවා. එයට ‘ෂඩ් අභිඥා’ කියල කියනවා. එය අයිති වන්නේ ප්‍රඥාවටයි. එම අභිඥා හය මේවාය.
1. ඉද්ධිවිධ ඤාණය – මෙම ඤාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එනම්, එ් කෙනාට තමන් වගේ සිය දහස් දෙනෙක් වුණත් මවන්න පුළුවන්. ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවන්. කාටවත් නොපෙනී යන්න පුළුවන්. බිත්ති, තාප්ප, කඳුවල නොවැදී එ්වා හරහට වුණත් ඉර්ධියෙන් යන්න පුළුවන්. ජලය මත ඇවිදගෙන යන්න පුළුවන්. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවන්. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවන්. මෙවැනි මහා පුදුම දේවල් කිරීමට දක්ෂතාවය ඇතිවෙන ඤාණයට කියන්නේ ඉද්ධිවිධ ඤාණය කියලයි.
2. දිබ්බසෝත ඤාණය – මේ කියන්නේ දිව්‍ය ශ්‍රවණය ඇති කරගැනීමයි. මෙම ඤාණය ලැබූ කෙනෙකුට ලෝකයෙහි මිනිසුන්ගේ කතා බහ පමණක් නොවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතා බහ පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නෑ. ඕනම දුරක කතා කරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවන්. මෙම හැකියාව ඇති කරවන ඤාණය දිබ්බසෝත ඤාණයයි.
3. පරචිත්තවිජානන ඤාණය – මෙම ඤාණය ලැබූ කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවන්. ...
4. පුබ්බේනිවාසානුස්සති ඤාණය – මෙම ඤාණය ලැබූ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවන්. ...
5. චුතූපපාත ඤාණය – මෙම ඤාණය ලැබූ කෙනෙකුට සත්වයන් චුත වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ චුත වූ සත්වයන් උපදින ආකාරයත් දකින්න පුළුවන්. ....
6. ආසවක්ඛය ඤාණය – මෙම ඤාණය ලැබූ කෙනාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. මේ ඤාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුළින්. ආශ්‍රව කියන්නේ කෙලෙස්වලටයි. මෙම ආශ්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තිබෙනවා. බැලූ බැල්මට පේන්නෙ නැහැ. නමුත් මෙම ආශ්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මග සකස් වෙනවා. ආශ්‍රව වර්ග තුනක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එනම්,
● කාම ආශ්‍රව – කාමයන් පිළිබඳව ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.
● භව ආශ්‍රව – විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දෙය.
● අවිජ්ජා ආශ්‍රව – අනවබෝධය කරාම, ආර්ය සත්‍යය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තරව සකස් වී ඇති දෙය.
මෙම ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම නැතිවීම ආසවක්ඛය ඤාණයයි. ...”
A / R. 02. “සෘද්ධිවිධ අභිඥාවය, දිව්‍යශ්‍රෝත්‍ර අභිඥාවය, පරචිත්තවිජානන අභිඥාය, පූර්වේනිවාසානුස්මෘති අභිඥාවය, දිව්‍යචක්ෂුරභිඥාවය” යි අභිඥා පසෙකි.
අභිඥා යනු විශේෂ බලයකින් යුක්ත වන රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තයට ම කියන නමෙකි. නො පෙනී සිටීම, අහසින් යාම, ජල මතුයෙහි ඇවිදීම, පොළොවෙහි ගැලීම යනාදිය හා නොයෙක් දේ මැවීමත් සිදු කිරීමට සමත් රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය සෘද්ධිවිධ අභිඥා නම් වේ.
මිනිස් කනට නො ඇසෙන ඉතා සියුම් ශබ්ද හා බොහෝ දුර ඇතිවන ශබ්ද ද කනින් අසන්නාක් මෙන් ඇසීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යානය දිව්‍ය ශ්‍රෝත්‍ර අභිඥා නම් වේ.
අනුන්ගේ සිත් දැකිය හැකි වූ රූපාවචර පඤ්චමධ්‍යාන චිත්තය පරචිත්තවිජානන අභිඥා නම් වේ.
තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය පූර්වේනිවාසානුස්මෘති අභිඥා නම් වේ.
මිනිස් ඇසට නො පෙනෙන සියුම් දේවල් හා දුර පිහිටි දේවල් ද, බිත්ති පර්වතාදියෙන් වැසී ඇති දේවල් ද, ඇසින් දක්නාක් මෙන් දැකීමට සමත් වන රූපාවචර පඤ්චම ධ්‍යාන චිත්තය දිව්‍යචක්ෂුරභිඥා නම් වේ.

A / R. 03. “ත්‍රිවිද්‍යාව නම්:-
01. තමන්ගේ ද සෙස්සන්ගේ ද පෙර ඉපද සිටි ජාති පිළිවෙළ නාමගෝත්‍රාදි වශයෙන් දක්නා වූ පූර්වේනිවාසානුස්මෘති ඥානය (පුබ්බේනිවාසානුස්සති ඤාණය),
02. ඒ ඒ සුගති දුර්ගති භවවලින් ච්‍යූතව කර්‍මානුරූපව නැවත ඒ ඒ භව වල උපදනා සත්ත්වයන් දක්නා දිව්‍යංචක්ෂූරභිඥානය (දිබ්බචක්ඛු ඤාණය / චුතූපපාත ඤාණය),
03. දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත් වූ පරිදි දැන කාමාදි ආශ්‍රවයන් ක්‍ෂය කර නිවන් රසය මතු කර දෙන අර්හන්මාර්ගඥානය (ආසවක්ඛය ඤාණය),
යන මේ ඥාන තුන ය.”
A / R.04. “භාවනා ක්‍රම දෙක
සමථපූර්වාංගම විදර්ශනා භාවනාවය, විදර්ශනා පූර්වාංගම සමථ භාවනාවය යි භාවනා ක්‍රම දෙකක් ඇති බව මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත්‍ර අටුවාවෙහි පැහැදිලි කර ඇත්තේ ය. සමථ පූර්වාංගම විදර්ශනා භාවනා ක්‍රමය යනු ආනාපන කසිණාදි භාවනාවක් කොට උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය හෝ උපදවා පසුව විදර්ශනා භාවනාව කොට මඟපල ලබා ගැනීම ය. ඒ ක්‍රමයෙන් භාවනා කරන යෝගාවචරයෝ සමථයානික නම් වෙති. ආනාපානාදි භාවනාවන්හි නො යෙදී විදර්ශනා භාවනාව ම කොට එයින් ම සමාධිය ලබා මඟපල ලැබීමේ භාවනා ක්‍රමය විදර්ශනා පූර්වාංගම ශමථ භාවනා ක්‍රමය ය. මේ ක්‍රමයෙන් භාවනා කරන්නෝ විදර්ශනායානික නම් වෙත්. ශුෂ්ක විදර්ශක යනු ද ඔවුනට ව්‍යවහාර කරන තවත් නමෙකි. සෑම දෙන මඟපල ලැබිය යුත්තේ කියන ලද භාවනා ක්‍රම දෙකින් එකකිනි. එයට තුන්වන ක්‍රමයක් නැත. ඒ භාවනා ක්‍රම දෙකින් සමථ පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ දික් මඟ ය. විදර්ශනා පූර්වාංගම භාවනා ක්‍රමය නිවන් ලැබීමේ කෙටි මඟ ය.
මෙකල ඇතැම් අනුශාසකයෝ ‘කලින් සමථ භාවනාවක යෙදී සමාධියක් උපදවාගෙන මිස විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් පලක් නැත ය’ යි අනුශාසනය කරමින් බුද්ධෝත්පාද කාලයකදී පමණක් කරන්නට අසන්නට ලැබෙන විදර්ශනා භාවනා මාර්ගය මහජනයාට අවුරති. ඔවුන්ගේ අනුශාසනා ගරු කොට සලකන බොහෝ දෙන බුදු සස්නෙන් ලැබිය යුතු උතුම් දෙය වන විදර්ශනා භාවනාවෙන් පිරිහෙති. සමථ භාවනාවක් කොට ධ්‍යානයක් ඉපදීම ලෙහෙසි කරුණක් නො වේ. නොයෙක් ජාතිවල ධ්‍යාන උපදවා ඒ ගැන පලපුරුද්ද ඇති මහ බෝසතුන් හා තවත් එවැනි අය අතීතයෙහි ධ්‍යාන උපදවා ඇත්තේ අඹුදරුවන් හැර, ධනය හැර, වනගතව පැවිදිව මුළු කාලය ම ඒ සඳහා යොදා භාවනා කිරීමෙනි. ...”