Q. මිලිදු රාජ ප්‍රශ්නයේදී නාගසේන තෙරණුවන් දෙන එක පිලිතුරක් වන්නේ ධාතු පරිණිර්වානය සිදුවෙන්නේ මහ බෝ මැඩ කියාය. නමුත් අප අසා තිබෙන්නේ මහා සෑය අසල කියාය. මහා බෝ මැඩ යනු ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධිය ද නැතිනම් ලක්දිව ශ්‍රී මහා බෝධිය ද?
A. “අපගේ ශාස්තෲන් වහන්සේ මහබෝමැඩ හිඳ තෙමේ සර්වඥ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට මේ ඒක ධර්මය දේශනා කළහ.”
[අම‍්හාකං සත්‍ථාරා මහාබොධිමණ‍්ඩෙ නිසීදිත්‍වා සයං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සච‍්ඡිකත්‍වා අයං එකධම‍්මො දෙසිතො.]
“මෙසේ මහා අභිනිෂ්ක්‍රමණයෙන් නික්මෙන්නේ මහත් වීර්ය කළේය. දුෂ්කරතා ක්‍රියා කොට මහ බෝ මැඩ පහරදීමක් නැති ආසනයෙහි සිටියේ සර්වඥතා ඥානය අවබෝධ කළේය. සර්වඥතා ඥානය අවබෝධ කරන්නහුට මෙසේ ලෝකය විවරණය විය. දෙවියන් සහිත ලෝකයෙහි මෙබඳු වෙනත් රත්නයක් නැත.”
[එවං මහාභිනික‍්ඛමනං නික‍්ඛන‍්තො එවං මහාපධානං පදහි. එවං දුක‍්කරකාරිකං කත්‍වා මහාබොධිමණ‍්ඩං ආරුය‍්හ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣි, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිජ‍්ඣන‍්තස‍්ස එවං ලොකවිවරණං අහොසි. සදෙවකෙ ලොකෙ අඤ‍්ඤං එවරූපං රතනං නාම නත්‍ථීති.]
“(මහ බෝ මැඩට) පෙර දිගින් කජඞ්ගල නම් නියම් ගමය. ඉන් පිටත මහා ශාලයෝය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දක්ෂිණ පූර්‍ව දිශාවෙන් (ගිණිකොනින්) සල්ලවතී නම් ගඞ්ගාවය, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය, ඉන් මොබ මධ්‍ය දේශයයි. අපර (බටහිර) දිගින් ථූණ නම් බමුණු ගමය. එයින් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි. උතුරු දිගින් උශීර ද්වජ නම් පර්‍වතයයි, ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශයයි, දිගින් යොදුන් තුන් සීයකි. පළලින් යොදුන් දෙසිය පනහකි. වට ප්‍රමාණයෙන් යොදුන් නවසීයකි.”
[(මහාව· 259) – පුරත්‍ථිමාය දිසාය ගජඞ‍්ගලං නාම නිගමො, තස‍්ස පරෙන මහාසාලා, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. දක‍්ඛිණපුරත්‍ථිමාය දිසාය සල‍්ලවතී නාම නදී, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. දක‍්ඛිණාය දිසාය සෙතකණ‍්ණිකං නාම නිගමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. පච‍්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ‍්මණගාමො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. උත‍්තරාය දිසාය උසීරද‍්ධජො නාම පබ‍්බතො, තතො පරං පච‍්චන‍්තිමා ජනපදා, ඔරතො මජ‍්ඣෙ. අයං මජ‍්ඣිමදෙසො ආයාමෙන තීණි යොජනසතානි, විත්‍ථාරෙන අඩ‍්ඪතෙය්‍යානි, පරික‍්ඛෙපෙන නව යොජනසතානි හොන‍්ති.]
A. “පිරිනිවන් පෑම් තුනකි. කෙලෙස් පිරිනිවුම බෝධි පල්ලංකයේ (ආසනය) විය. ඛන්ධ පරිනිබ්බානය කුසිනාරාවෙහි විය. ධාතු පිරිනිවීම අනාගතයෙ වන්නේය. සාසනය නැසෙන කාලයෙහි මේ දිවයිනෙහි ධාතු (ලංකාව) රැස් වී මහාචේතිය (රුවන්වැලිසෑය) වෙත යයි. මහ සෑයෙන් නාග දීපයේ රාජායතන චේතිය වෙත එතැනින් මහාබෝධි පල්ලංකයට නාග භවන දෙව්ලෝ බඹ ලෝ ධාතු ද මහ බෝ පලඟට යයි. අබටක් සා ධාතු ද අතර මග නොනසී. සියළු ධාතු මහ බෝ පලඟට රැස්ව රන් කඳක් මෙන් එකට ඝන වී සවනක් රස් විහිදුවයි. දස දහසක් සක්වල පැතිරෙයි.”
[තීණි පරිනිබ‍්බානානි නාම කිලෙසපරිනිබ‍්බානං ඛන්‍ධපරිනිබ‍්බානං ධාතුපරිනිබ‍්බානන‍්ති. තත්‍ථ කිලෙසපරිනිබ‍්බානං බොධිපල‍්ලඞ‍්කෙ අහොසි. ඛන්‍ධපරිනිබ‍්බානං කුසිනාරායං. ධාතුපරිනිබ‍්බානං අනාගතෙ භවිස‍්සති. සාසනස‍්ස කිර ඔසක‍්කනකාලෙ ඉමස‍්මිං තම‍්බපණ‍්ණිදීපෙ ධාතුයො සන‍්නිපතිත්‍වා මහාචෙතියං ගමිස‍්සන‍්ති. මහාචෙතියතො නාගදීපෙ රාජායතනචෙතියං. තතො මහාබොධිපල‍්ලඞ‍්කං ගමිස‍්සන‍්ති. නාගභවනතොපි දෙවලොකතොපි බ්‍රහ‍්මලොකතොපි ධාතුයො මහාබොධිපල‍්ලඞ‍්කමෙව ගමිස‍්සන‍්ති. සාසපමත‍්තාපි ධාතුයො න අන‍්තරා නස‍්සිස‍්සන‍්ති. සබ‍්බධාතුයො මහාබොධිපල‍්ලඞ‍්කෙ රාසිභූතා සුවණ‍්ණක‍්ඛන්‍ධො විය එකග‍්ඝනා හුත්‍වා ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙස‍්සන‍්ති.]
"පිරිනිවීම් තුන නම් ක්ලේශ පිරිනිවීම, ස්කන්ධ පිරිනිවීම හා ධාතු පිරිනිවීමයි. එහි ක්ලේශ පිරිනිවීම් බෝධි පර්යංකයෙහි දී විය. ස්කන්ධ පිරිනිවීම කුසිනාරාවේ දී ධාතු පිරිනිවීම අනාගතයේ දී වන්නේ ය. සසුන පසුබසින කාලයෙහි මේ තම්බපණ්ණි දීපයෙහි ධාතු රැස්ව මහාසෑයට යෙත්. මහාසෑයෙන් නාගදීප රාජායතන සෑයට ද එතනින් මහාබෝධි පර්යංකයට ද යෙත්. නාගභවනෙන් ද දිව්‍ය ලෝකයෙන් ද ධාතූහු මහාබෝධි පර්යංකයට ම යෙත්. අබ ඇටයක් තරම්වත් ධාතුවක් අතරතුර නොනැසෙත්. මහාබෝධි පර්යංකයෙහි එකතු වූ ධාතූහු රන් කඳක් මෙන් එකතු වී සවනක් රැස් විහිදුවත්. එය දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරෙත්."
[තීණි පරිනිබ‍්බානානි නාම කිලෙසපරිනිබ‍්බානං ඛන්‍ධපරිනිබ‍්බානං ධාතුපරිනිබ‍්බානන‍්ති. තත්‍ථ කිලෙසපරිනිබ‍්බානං බොධිපල‍්ලඞ‍්කෙ අහොසි, ඛන්‍ධපරිනිබ‍්බානං කුසිනාරායං, ධාතුපරිනිබ‍්බානං අනාගතෙ භවිස‍්සති. සාසනස‍්ස කිර ඔසක‍්කනකාලෙ ඉමස‍්මිං තම‍්බපණ‍්ණිදීපෙ ධාතුයො සන‍්නිපතිත්‍වා මහාචෙතියං ගමිස‍්සන‍්ති, මහාචෙතියතො නාගදීපෙ රාජායතනචෙතියං, තතො මහාබොධිපල‍්ලඞ‍්කං ගමිස‍්සන‍්ති, නාගභවනතොපි දෙවලොකතොපි බ්‍රහ‍්මලොකතොපි ධාතුයො මහාබොධිපල‍්ලඞ‍්කමෙව ගමිස‍්සන‍්ති. සාසපමත‍්තාපි ධාතු අන‍්තරා න නස‍්සිස‍්සති. සබ‍්බා ධාතුයො මහාබොධිපල‍්ලඞ‍්කෙ රාසිභූතා සුවණ‍්ණක‍්ඛන්‍ධො විය එකග‍්ඝනා හුත්‍වා ඡබ‍්බණ‍්ණරස‍්මියො විස‍්සජ‍්ජෙස‍්සන‍්ති, තා දසසහස‍්සිලොකධාතුං ඵරිස‍්සන‍්ති.]